-2.5 C
New York

සනත් නිශාන්තගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

Published:

පසුගියදා මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය සැක සහිත බව පවසමින් ඹහුගේ බිරිඳ විසින් අද(07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන අධිනීතීඥ චමරි ප්‍රියංකා මහත්මිය පවසන්නේ විශේෂිත කරුණු කිහිපයක් ද සහිතව පිටු පහක ප්‍රමාණයකින් යුත් විසිතර ඇතුලත් කර ඒම පැමිණිල්ල ගොනු කළ බවයි.

මියගිය රාජ්‍ය අමාත්‍යවරයා ජනවාරි 24 වනදා රාත්‍රියේ, හලාවත  බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වී 25 වනදා අලුයම, ආපසු කොළඹ බලා  පැමිණෙමින් සිටියදී  එම දිශාවටම ධාවනය වූ කන්ටේනර් රථයක  පිටුපස ගැටී අනතුරුව  ආරක්ෂිත වැටේ ගැටී  මෙම අනතුර සිදුවී තිබිණි.

රාජ්‍ය අමාත්‍යවරයා  සහ ඔහුගේ ආරක්ෂකයා ලෙස කටයුතු කර පොලිස් කොස්තාපල්වරයකු  මියගියේය. සුඛෝභෝගී රථයේ රියදුරු අත්අඩංගුවට ගෙනා රිමාන්ඞ් කළ අතර පසුව අධිකරණ ඇප මත මුදාහැර තිබිණි

Related articles

Recent articles

spot_img