8.6 C
New York

අනුර ඇතුළු පිරිස මෝදිගේ උපන්බිම වන ගුජරාටයට යති

Published:

අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ (NPP) දූත පිරිස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නිජබිම වන ගුජරාට් වෙත ඊයේ(06) සවස ගමන් කළහ. ඊයේ ඔවුන්ගේ ඉන්දීය සංචාරයේ දෙවන දිනයයි.

ඒහිදී NPP නියෝජිත පිරිස ගුජරාටි මහ ඇමති බුපේන්ද්‍ර පටෙල් හමුවීමට සහ ප්‍රාන්තයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වේ. ගුජරාට් ප්‍රාන්තය යනු කලක් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන බලකොටුවයි. ප්‍රාන්තයේ සංවර්ධනයේ ඔහුගේ සාර්ථකත්වය පසුව ඉන්දියාවේ ප්‍රධාන තනතුරට යාමට ඔහුගේ ප්‍රතිරූපය ඉහළ නැංවීය.

NPP නියෝජිත පිරිස ඊයේ ඉන්දීය චින්තන ටැංකියක් වන ‘Observer Research Foundation’ හි නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීය.

මෙම සංචාරයේදී ඔවුන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ විදේශ ලේකම් විනේ මෝහන් සමඟ ද සාකච්ඡා පැවැත්වීය.

පසුව ඔවුන් කොමියුනිස්ට් පක්ෂයක් විසින් පාලනය කරනු ලබන ඉන්දීය ප්‍රාන්තයක් වන කේරළයට පැමිණෙනු ඇත.

Related articles

Recent articles

spot_img