-2.5 C
New York

මරණයත් මිල වැඩිවේ

Published:

කොළඹ මහ නගර සභාව විසින් වර්ග අඩි දෙකක සොහොනක් සඳහා අය කරන ගාස්තුව රුපියල් ඒක් ලක්ෂ අසූ දහස දක්වා වැඩි කිරීම හේතුවෙන් මරණයක් සඳහා යන වියදම දැරිය නොහැකි වී ඇතැයි කොළඹ නගර වාසීහු පවසති.

කෙසේවුවද මෙම අඩි දෙකයි දෙකේ කුඩා භූමි ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ මියගිය අයගේ අළු මිහිදන් කිරීම සඳහා පමණක් බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

මේ අතර කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ ආදාහනාගාර ගාස්තුව ද විශාල වශයෙන් වැඩිකර තිබේ. කොළඹ නගරවාසීන්ට රුපියල් 1000ක්ව තිබූ ආදාහනාගාර ගාස්තුව රුපියල් 10, 000 දක්වාත් කොළඹ නගර සභාවෙන් පිටස්තර පුද්ගලයින් සඳහා ඒය රුපියල් 20,000 දක්වාත් ඉහල දමා ඇත.

මෙලෙස ආදාහනාගාර සහ සොහොන් ගෙවල් සඳහා අය කරන මුදල විශාල වශයෙන් වැඩි කිරීම විශාල අසාධාරණයක් බව ජනතාව පවසති.

Related articles

Recent articles

spot_img