-0.6 C
New York

ජපන් රූ රැජින කිරුළ අත්හරියි

Published:

සති දෙකකට පෙර ජපානයේ රූ රැජින ලෙස කිරුළු පැළඳි කැරොලිනා ෂිනෝ, අනියම් සම්බන්දයක් හෙළි වීමත් සමග කිරුළ අත්හැර දමා ඇතැයි වාර්තා වේ.

යුක්රේනයේ උපත ලද 26 හැවිරිදි කැරොලිනාගේ අනියම් සබඳතාවයක් සම්බන්දව ටැබ්ලොයිඩ් සඟරාවකින් පසුගියදා හෙළිදරව් කර තිබිණි.

වයස අවුරුදු පහේදි යුක්රේනයේ සිට තම මව සමග ජපානයට පැමිණ 2022 වසරේදී ජපාන පුරවැසිභාවය ලැබූ කැරොලිනාගේ ජයග්‍රහණය, උරුමය සම්බන්ද ගැටලු හේතුවෙන් මහජන විවාදයට තුඩු දුන්නේය. මෙම කෝපය මධ්‍යයේ, ප්‍රාදේශීය සඟරාවක් අනියම් සම්බන්ධයක් චෝදනා කරමින් හෙළිදරව්වක් පළ කළේය.

ෂිනෝ මහත්මිය සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් ඇගේ රසිකයන්ගෙන් සහ සාමාන්‍ය ජනතාවගෙන් සමාව අයැද සිටි අතර එහිදී ඇය කියා සිටියේ වාර්තාවට ප්‍රතිචාර වශයෙන් බියෙන් හා භීතියෙන් ක්‍රියා කළ බවයි.

“මට සිදු වූ විශාල කරදර සහ මට සහාය දුන් අය පාවා දීම ගැන මම සැබවින්ම කනගාටු වෙමි,” ඇය පැවසුවාය.

අනුශූරයන් කිහිප දෙනෙකු සිටියද, ජපන් රූ රැජින කිරුළ දැන් වසරේ ඉතිරි කාලය සඳහා හිස්ව පවතිනු ඇත.

https://www.bbc.com/news/world-asia-68213223

Related articles

Recent articles

spot_img