spot_img
spot_imgspot_img

වැම්කෝ සුළි කුණාටුව වියට්නාමය දෙසට හැරෙයි

පුවත්

විදෙස්

පිලිපීනයට බලපෑම්  ඇතිකළ වැම්කෝ සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහල ගොස් ඇතැයි එරට බලධාරීහු පවසති.

පුද්ගලයන් 22ක් අතුරුදන් වී ඇති අතර සිදුවූ අනතුරු වලින් 52 දෙනකු තුවාල ලබා ඇත.

උතුරු පළාතේ අනතුරට ලක්වූ දහස් ගනන් පිරිස් බේරා ගැනීම සඳහා වෙරළාරක්ෂක භටයන් සහ ස්වෙච්ඡා සේවකයින් කැඳවා තිබේ.

මෙය මෙම වසරේ පිලිපීනය මුහුණ දුන් 21වන සුළි කුණාටුවයි.

පිලිපීනයේ ලුසොන් දිවයිනට දැඩි හානි සිදුකළ සුළි කුණාටුව මේ වනවිට දිවයිනෙන් බැහැරව වියට්නාමය දෙසට ගමන්කරමින් පවතින බව කාලගුණ අංශ සඳහන් කරයි.

කුණාටුව පැයට සැතපුම් 165ක වේගයෙන් වියට්නාමයේ හැටිං වෙරළ තීරයේ සිට ක්වං එන්ගයි පළාත දක්වා  ගමන් කරනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ.

අද (14) දිනය අවසන් වනවිට පුදගලයන් 468,000ක් පමණ ඉවත් කිරීමට සැලසුම් කර ඇතැයි වියට්නාම ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කරයි.

වියට්නාමයේ දිගු වෙරළ තීර හේතුවෙන් නිරතුරුවම විනාශකාරී කුණාටු හා ගංවතුරට මුහුණ දීමට සිදුවේ. මෙය මෙම වසරේ වියට්නාමය මුහුණ දෙන 13වන සුළි කුණාටුවයි.

මේ වනවිට මෙම වසරේ පමණක් කුණාටු ඇතුලු ස්වාභාවික විපත් වලින් වියට්නාමයේ 160කට අධික පිරිසක් මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!