9.9 C
New York

අනුර කුමාර, ඉන්දීය විදේශ ඇමති සහ ආරක්ෂක උපදේශක හමුවෙයි

Published:

ඉන්දියාවේ නිල සංචාරයක යෙදී සිටින ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (05) ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ‍විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් හමු වී ඉන් අනතුරුව, සර්දාර් පටෙල් භවාන්හි දී ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිට්‍ ඩොවාල් හමුවූ‍යේ ය.

මේ දෙදෙනා සමඟ අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් දෙපාර්ශවය අතර අනෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කළ බවත් ජාතික ජන බලවේගය පවසයි.   

අජිට් ඩෙවාල් සමඟ පැවැති සාකච්ඡාවේ දී කලාපීය ආරක්ෂාව පිළිබඳ ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව සඳහන්ය.

මෙම ඉන්දීය සංචාරය සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, එහි ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත සහ විජිත හේරත් ද සහභාගි වූහ.

Related articles

Recent articles

spot_img