-0.6 C
New York

නැමීබියාවේ ජනාධිපති මියයයි

Published:

නැමීබියාවේ ජනාධිපති, හේග් ගෙනිගොබ් මියිගිය බව එරට රජය නිවේදනය කර ඇත. පිළිකාවකින් පීඩා විඳිමින් සිටි ඔහු මියයනවිට 82 හැවිරිදි වියේ පසු වූයේ ය.

2015 වර්ෂයේ සිට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ හෙතෙම ඔහු පිළිකාවකින් පීඩා විඳින බව රටේ ජනතාව දැනගෙන ඇත්තේ පසුගිය දා අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කළ අවස්ථාවේ දී ය.

අප්‍රිකා මහද්වීපයේ දකුණු ප්‍රදේශයේ පිහිටි නැමීබියාව, දියමන්ති සහ විද්‍යුත් මෝටර් රථවල බැටරියට යොදා ගන්නා ලිතියම්වලට ප්‍රසිද්ධය.

ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් මෙම වසර අවසානයේ පැවැත්වීමට නියමිත අතර, එතෙක්, උප ජනාධිපති නැන්ගෝලෝ බුම්බා ජනාපධිති ධුරයේ කටයුතු කරන බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.

Related articles

Recent articles

spot_img