කොළඹ ගම්පහ දිස්ත්‍රික්කයන්හි හුදකලා කළ ප්‍රදේශ ඇතුළු ස්ථාන රැසක අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදුකරන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“ හුදකලා ප්‍රදේශ ගණනාවක හුදකලා බව අද අවසන් වෙනවා. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ හඳුනාගත් ස්ථාන කිහිපයක් හුදකලා කර තිබෙනවා. විශේෂයෙන් ම කොළඹ කොටුව හෙට උදෑසන සිට හුදකලා කරනවා. මේවා අධි අවදානම් කලාප. මේ ප්‍රදේශවල තවදුරටත් හඳුනා නොගත් කොරෝනා ආසාදිතයන් සිටිය හැකියි. මේ ස්ථානයන්හි ඇති අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන කාර්යාල, කර්මාන්තශාලා විවෘත කරන්න අවස දී තිබෙනවා. ඒවායේ නිලධාරීන් වගේ ම සේවා ලබාගන්නා අයත් හිතන්න ඔ්නෑ මේ කාර්යාලවල ඉන්න අයටත් කොරෝනා ආසාදනය වී ඇතැයි කියා. මේ කරුණ සිහිතබාගෙන කටයූත කළොත් අපිට කොරෝනා වසංගතය මර්ධනය කරගන්න පුළුවන් වේවි.”