-0.7 C
New York

සනත් නිශාන්තගේ තනතුරට ජගත් ප්‍රියංකර

Published:

රාජ්‍ය අමාත්‍ය සනත් මියයාමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එල්.කේ. ජගත් ප්‍රියංකර පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී පුත්තලම දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 05ක් හිමිවූ අතර මනාප ලැයිස්තුවේ ප්‍රථමයා වූයේ මියගිය සනත් නිශාන්ත ය.

සෙසු සිව්දෙනා ලෙස ප්‍රියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත යන අය එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු අතර එල්.කේ ජගත් ප්‍රියංකර මනාප ඡන්ද 40,527ක් හිමිකරගනිමින් මනාප ලැයිස්තුවේ 06වන ස්ථානයට පත්ව සිටියේ ය.

ඒ අනුව සනත් නිශාන්තගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය ජගත් ප්‍රියංකරට හිමි වන අතර ඔහු විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරයි.

Related articles

Recent articles

spot_img