-1 C
New York

නවක සිසුවියකට වද දුන්, විශ්වවිද්‍යාල සිසු පිරිසක් අත්අඩංගුවට

Published:

සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කළ සිසුවියකට නවකවදය දුන් සිසුන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව සමනලවැව පොලිසිය පවසයි.

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ සිව්වන වසර සිසුන් 06 දෙනකු වන අතර ඔවුන් වයස අවුරුදු 23, 24 සහ 25 වයස්වල පසුවන බව ද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සිසුන් මොරවක, රක්ගහවිල, ඉමදුව, කිතලව හා අලුත්තරම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද අනාවරණය වී තිබේ.

මොවුන් නවකවදය දුන් බවට පසුගිය 14 වැනි දා 1997 හදිසි ඇමතුම් අංකයට ලැබුණු ඇමතුමක් අනුව මූලික පරීක්ෂණ සිදුකළ පොලිසිය එම සිසුන් අත්අඩංගුවට ගෙන තිබේ.  පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් පිරිස සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා අධ්‍යාපන පීඨයේ සිසුන් පිරිසක් බවයි.

Related articles

Recent articles

spot_img