5.4 C
New York

අහංගම රෝහලේ දී මියගිය අයකුගේ සිරුර PCR පරීක්ෂණයට

Published:

අහංගම රෝහලට ඊයේ (14) ප්‍රතිකාර සඳහා ඇතුළත් වූ 39 හැවිරිදි පුද්ගලයකු රාත්‍රියේ මියගිය බවත් එම පුද්ගලයාගේ සිරුර ගිලන් රථයකින් කරාපිටිය ශික්ෂණ රෝහලට යැවූ බවත් අහංගම රෝහල් ආරංචිමාර්ග පවසයි.

අහංගම දඬුවැල්ලේ පදිංචිකරුවකු වන මෙම පුද්ගලයා කොළඹ සිට පසුගිය ඔක්තෝබර් 28 වැනි දා සිය නිවසට පැමිණ සිටිය දී රෝගීවීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා අහංගම රෝහලට ඇතුළත්වී සිටියේය. ඔහුගේ සිරුරෙන් ජෛව සාම්පල ලබාගෙන අද (15) පීසීආර් පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට යැවීමට ඉමදුව හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රලාල් යාපා අබේවර්ධන විසින් නියෝග කර තිබිණි. මරණ පරීක්ෂකවරයා පවසන්නේ පපුවේ වේදනාවක් ඇති බව පවසමින් ඔහු රෝහල්ගත වී ඇති බවයි.

එම සිරුරෙන් ලබාගන්නා ජෛව සාම්පලවල පීසීආර් ප්‍රතිඵල ලබාගැනීම අද (15) රාත්‍රී හෝ හෙට (16) උදෑසන දක්වා කල්ගත විය හැකි බැවින් පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව හදිසි මරණ පරීක්ෂණය හෙට (16) දිනයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකිරීමට නියමිතය. දේහය කරාපිටිය මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

Related articles

Recent articles

spot_img