spot_img
spot_imgspot_img

“විශ්ව බුද්ධ” අධිකරණයේ දී සිදු වූ දේ මෙන්න

පුවත්

විදෙස්

බුදු දහමට අපහාස කිරීමේ චෝදනාවක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටිය දී ඇප කොන්දේසි උල්ලංඝනය කරන ලදැයි යළි අත්අඩංගුවට ගත් “විශ්වබුද්ධ” හෙවත් රත්නපුරයේ විමලබුද්ධි නම් උපසම්පදා භික්ෂුව ලබන පෙබරවාරි 02 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

රිමාන්ඩ් කර සිටි ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නිර්දේශය මත මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව ජ්‍යෙෂ්ඨ නි‍යෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද (26) අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී අධිකරණයේ දී කරුණු ඉදිරිපත් කළ දිලීප පීරිස් මෙසේ කීවේය.

ස්වාමිනි, සැකකරු ඇප මත මුදාහැර සිටියදී යළි YOUTUBE සම්මුඛ සාකච්ඡාවකදී බුදුදහමට අපහාසවන අයුරින් ප්‍රකාශ සිදුකරලා තියෙනවා. ස්වාමිනී ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු මෙහෙයවා ඇති එම  සම්මුඛ සාකච්ඡාව අන්තර්ජාලය ඔස්සේ දින 08ක් තුළ පරිශීලකයන් 879,000ක් නරඹලා තියෙනවා. අප ඒ ගැන එම මාධ්‍යවේදියාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. ඔහු පවසන්නේ සැකකරුගේ නඩුවට ICCPR පනත අදාළ කරලා නොතිබුණු බැවින්, ආගමික මතගැටුම් සාකච්ඡා නොකර නඩුවට පාදක වී ඇති සියලු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.”

එම සාකච්ඡාවේ දී සැකකරු, විශේෂ සඳහනක් කරමින් සියලු කුඩා හිමිවරු පන්සල්වල සිටින නායක හාමුදුරුවරුන් අති ලිංගික අතවරවලට කුඩා කාලයේ දී ලක්වන බව ද කියා තිබිණි. සැකකරු එම නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ තමන් ද කුඩා කාලයේ දී එවැනි දේට මුහුණ දුන් නමුත් නඩු වැටෙන්නට ඉඩ තිබෙන බැවින් වැඩි විස්තර කිව නොහැකි බවයි.

කෙසේ වෙතත් අදාළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු භික්ෂුවක් ලෙස පෙනී සිටිමින් බෞද්ධ දර්ශනය විකෘතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

ස්වාමිනි, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය මකුලෑවේ විමලාභිධාන නාහිමියන් විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට කළ ලිඛිත දැනුම්දීමකට අනුව 2024.01.12 මෙම සැකකාර චීවරධාරියාගේ භික්ෂුභාවය අහෝසි කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අප රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මුලස්ථානයේ අධිකරණ නායක පුජ්‍ය අත්තංගනේ රතනපාල නාහිමියන්ගෙන් සටහන් කරගත් ප්‍රකාශයේ මෙහෙම සඳහන්වෙනවා…”

එම සැකකරුගේ භික්ෂු භාවය අහෝසි කරන ලෙස රාමඤ්ඤ මහා නිකායෙන් ඉල්ලා ඇත්තේ ඔහු පැවිදි කළ භික්ෂුව විසින් බව රාමඤ්ඤ නායක හිමියන් මාධ්‍යවෙත නිකුත්කළ ලිපියක සඳහන්ව තිබිණි.

තමන් කුඩා සාමනේර හිමිනමක් ලෙස සිටිය දී ලිංගික අතවරයට ලක්වූ බව යූටියුබ් නාලිකාවක සම්මුඛ පරීක්ෂණයකට එක්වෙමින් කියූ විට ඔහුගේ භික්ෂු භාවය අහෝසි මහා සංඝරත්නය එකතු වී භික්ෂු භාවය අහෝසි කළ ද එවැනි අතවරයක් සිදුවූයේ ද යන්න සොයාබලා නැත. එවැනි අපරාධයක් හෙළි කිරීම බුදු දහමට අපහාසයක් බව කියමින් දැන් ඔහු නැවත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

උපුටාගැනීම.

 මෙම චීවරධාරියා විසින් බෞද්ධ දර්ශනය සම්පුරණයෙන්ම විකෘති වන ආකාරයේ අපහාසවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරනවා. මොහු විටක චීවරයක් දරා සිටියත්, විටක රතු පැහැති කැප් එකක් දමා ටී ෂර්ටයක් සහ කලිසමක් ඇඳ කාන්තාවන් සමඟ සිටින වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනවා. තවත් විටක වාහන පදවන වීඩියෝ සහ මත්ද්‍රව්‍ය භාවිත කරන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයේ තිබෙනවා. මේ සියලු ක්‍රියා භික්ෂුවකට අකැප සේම එම හැසිරීම් ශාසනයට විශාල හානියක් සිදුකරනවා…” 

එමෙන්ම චීවරධාරියාගේ භික්ෂුභාවය අහෝසි කිරීම සම්බන්ධයෙන් ද  මහානායක හිමිවරුන් ඉලක්කර කර අන්තර්ජාලයට උඩුගත කර ඇති වීඩියෝවේ උපුටා ගැනීමක්ද දිලීප පීරිස් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. 

සංඝයා වහන්සේලා එකතුවෙලා මාව නිකායෙන් නෙරපලා උපසම්පදාව අවලංගු කරලා කියලා නිව්ස් එකකුත් දැක්කා. හරි තමුන්වහන්සේලාට කරන්න පුළුවන් උපරිම දේයනේ ඔය කළේ. මට තමුන්වහන්සේලා එක්ක ගනුදෙනුවක් නැහැ. මල්වත්තේ වෙන්න පුළුවන්, රාමඤ නිකායේ වෙන්න පුළුවන්, බුදුහාමුදුරුවෝ නෙමෙයිනේ. අයිඩෙන්ටිය තහනම් කළා කියලා, පාස්පෝට් එක තහනම් කරයි කියලා මම දණගහන්නේ නෑ. මම විශ්ව බුද්ධ. ” යනුවෙන් ද සැකකරු ප්‍රකාශ කළ බව අධිකරණට ඉදිරිපත් කෙරිණි.

ඒ අනුව ඉදිරිපත් විමර්ශන තුළින් අනාවරණය වී ඇති කරුණු අනුව සැකකරුට ඇප ලබාදුනහොත් මහජන කැලඹිමක් සිදුවිය හැකි බැවින් සැකකරු ඇප මත මුදා නොහරින ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම පාදක කරගනිමින් සැකකරු යළි පෙබරවාරි 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!