-0.6 C
New York

චාල්ස් රජු රෝහල්ගත කරයි

Published:

පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවූ රෝගී තත්ත්වයකට ප්‍රථිකාර සඳහා බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජු රෝහල් ගතකර ඇතැයි බකිංහැම් මාළිගය පවසයි.

ලංඩන් ක්ලිනික් පෞද්ගලික රෝහලට රජූ ඇතුලත්කර ඇති අතර වෛද්‍යවරු පවසන්නේ ඔහුගේ පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම හේතුවෙන් ඒයට ප්‍රථිකාර කිරීම සඳහා රෝහල් ගතකළ බවයි.

විලියම් කුමරුගේ බිරිඳ කැතරින් කුමරිය ද උදරයේ සැතිකමක් සඳහා ඒම රෝහලටම ඇතුලත්ව සිටින අතර රජු සිය ප්‍රථිකාර වලට ප්‍රථම ලේලිය බැලීමට ගොස් තිබේ.

වෛද්‍යවරුන් පවසන්නේ 75 වියේ පසුවන රජුගේ රෝගී තත්ත්වය පිළිකාවක් නොවන බවයි. ඒය වැඩිහිටි පිරිමින් තුළ බහුලව දක්නට ලැබෙන තත්ත්වයක් බවද ඔවුහු පවසති. වයස අවුරුදු 50 ට වැඩි පිරිමින් තිදෙනෙකුගෙන් එක් අයෙකුගේ මෙම තත්ත්වය දක්නට ලැබෙන බව පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.

චාල්ස් රජු තම සෞඛ්‍ය ගැටලුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ වෙනත් පිරිමින්ට ඔවුන්ගේ පුරස්ථි ග්‍රන්ථිය පරීක්ෂා කර ගැනීමට පණිවිඩයක් යැවීමේ මාර්ගයක් වශයෙනි. බකිංහැම් මාලිගයේ ප්‍රකාශයක් පැවසුවේ “ඔහුගේ රෝග විනිශ්චය මහජන සෞඛ්‍ය දැනුවත්භාවය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරන බව දැන ගැනීමෙන් රජු සතුටු වන” බවයි.

යෝර්ක්හි ආදිපාදවරිය වන සාරා ෆර්ගියුසන්ට ද සමේ පිළිකා වර්ගයක් වන මාරාන්තික මෙලනෝමා රෝගය වැළඳී ඇති බව අනාවරණය වී ඇති අතර ඒ් අනුව මෙය මේ සතියේ තුන්වන රාජකීය සෞඛ්‍ය කතාව විය.

පසුගිය ගිම්හානයේදී හඳුනාගෙන තිබූ ඇගේ පියයුරු පිළිකාවට ප්‍රතිකාර කිරීමේදී එය අනාවරණය වී ඇත.

https://www.bbc.com/news/uk-68055575

Related articles

Recent articles

spot_img