-0.7 C
New York

හඳහන බොරු කරමින්, රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මියගියේ ඇයි ?

Published:

“ගහේ ගලේ ගැහුවත් උඹව මරන්න බෑ” යැයි හඳහන බැලූ ඥාතියකු තමන්ට කී බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මාධ්‍යවේදීන්ට පවසා සති දෙකක් ගියේ නැත. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් හිසට සහ පාදයට සිදු වූ බරපතල තුවාල සහිතව ඔහු මියගියේය.

රාජ්‍ය අමාත්‍යවරයා ගමන්ගත් රිය පැයට කිලෝ මීටර 160ක වේගය ඉක්මවා ධාවනය වූ බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. රියදුරා පොලිසියට පවසා ඇත්තේ අමාත්‍යවරයාට හැකි ඉක්මණින් කොළඹ යාමට අවශ්‍යව තිබූ බැවින් වේගයෙන් රිය පැද වූ බවයි.

රියදුර පවසන්නේ එම අවස්ථාවේ අමාත්‍යවරයාට තදින් නින්දගොස් තිබූ බවයි. තමන්ට ඉදිරයෙන් දකුණු මංතීරුවේ ධාවනය වෙමින් තිබූ කාරයක් වම් පැත්තෙන් ඉස්සර කළ බවත්, ඊට ඉදිරියෙන් වම් පැත්තෙන් ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථය පසුකර යාමට රථය දකුණු මංතීරුවට ගැනීමේ දී එහි ගැටී අධිවේගී වැටේ ද ගැටුණු බව රියදුරා පොලිසියට පවසා තිබිණි.

Related articles

Recent articles

spot_img