-1.6 C
New York

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මරුට (ඡායාරූප සහිතයි)

Published:

කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටය ආසන්න ප්‍රදේශයේ දී අද (25) අලුයම 2.00ට පමණ කිලෝ මීටර 11.1 ආසන්නයේ සිදු වූ අනතුරකින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂයකු වූ පොලිස් කොස්තාපල් ජයක‍ොඩි නමැති අයකු මියගොස් ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ගමන්ගත් රථය කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබිය දී කන්ටේනර ප්‍රවාහන රථයකට ඉස්සර කිරීමට යාමේ දී එම රථයේ ගැටී අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටේ ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි. අනතුරින් බරපතල තුවාල ලබා සිටි රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු තිදෙනකු රාගම රෝහලට රැගෙන ගිය ද රෝහලට රැගෙන යනවිටත් අමාත්‍යවරයා සහ ආරක්ෂකයා මියගොස් සිටි බව වෛද්‍යවරු කියති.

1975 වර්ෂයේ උපත ලබා ඇති රාජ්‍ය අමාත්‍යවරයා මියයනවිට 48 වැනි විය ඉක්මවා සිටියේය.

Related articles

Recent articles

spot_img