-2.5 C
New York

Online ආරක්ෂණ පනත සම්මතයි

Published:

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත හෙවත් ඔන්ලයින් පනත වැඩි ඡන්ද 46කින් අද (24) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

මෙම පනත සම්බන්ධ විවාදය ඊයේ (23) ආරම්භ වූ අවස්ථාවේ දී පනත් කෙටුම්පත විවාදයට ගන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා ද ඡන්ද විමසීමක් පැවැත්විණි. එහි දී පනත සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් අවශ්‍ය බවට මන්ත්‍රීවරු 83 දෙනකු ප්‍රකාශ කළ අතර ඡන්ද විමසීමක් අවශ්‍ය නැතැයි ප්‍රකාශ කළ මන්ත්‍රීවරු සංඛ්‍යාව 50 දෙනෙකි. ඒ අනුව වැඩි ඡන්ද 33කින් පනත සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බව තීරණය විය.

අද (24) දෙවැනි දිනයටත් පැවැති විවාදයෙන් පසු දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම සිදුකෙරුණු අතර එහි දී පනතට විරුද්ධව ඡන්ද 62ක් ලැබුණු අතර පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 108කි. පනතට විරුද්ධව සමග ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. අලි සබ්‍රි රහීම්, වඩිවෙල් සුරේෂ්, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න යන මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

Related articles

Recent articles

spot_img