spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ චීන පර්යේෂණ යාත්‍රාවට මාලදිවයින හා කියයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව විසින් සිය මුහුදු සීමාවට ඇතුළු කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු චීන පර්යේෂණ සහ සමීක්ෂණ නෞකාවක් වන Xiang Yang Hong 03 දැන් මාලදිවයිනට යමින් තිබේ. යාත්‍රාවට පහසුකම් සැපයීම සඳහා චීන හිතවාදී මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ අවසරය ලැබී ඇතැයි වාර්තා වේ.

චීනය Xiang Yang Hong 03 පර්යේෂණ කටයුතු සඳහා ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ අවසරය පැතුවද රජය එය ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකාව එවැනි තීරණයක් ගත්තේ තම මුහුදු සීමාවේ චීන පර්යේෂණ යාත්‍රා තිබීමට එරෙහිව ඉන්දියාවෙන් එල්ල වූ බලපෑම් මත ය. ශ්‍රී ලංකාව ඉන්දියාවේ සමීපතම සමුද්‍ර අසල්වැසියා වේ.

කෙසේ වෙතත්, චීනයට ගැති විදේශ ප්‍රතිපත්තියක් විවෘතව හඹා යන වත්මන් නායකයා යටතේ මාලදිවයින, ඉන්දීය පීඩනය නොතකා යාත්‍රාව සිය මුහුදු සීමාවට ඇතුළු කර ඇත.

චීන පර්යේෂණ නෞකාව සඳුදා (22) උදෑසන ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය සාගර කලාපයට (IOR) ඇතුළු විය. යාත්‍රාවේ ගමනාගමනය පිළිබඳව ඉන්දියාව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු ඉන්දියාවේ කලාපීය ප්‍රතිවාදියා වන චීනයට ගොස් ආපසු පැමිණි පසු, සෞඛ්‍ය පහසුකම්, ඖෂධ සහ ප්‍රධාන ද්‍රව්‍ය ආනයනය සඳහා ඉන්දියාව මත යැපීමෙන් තම කුඩා ජාතිය මුදා ගැනීමේ සැලසුම් ප්‍රකාශ කිරීමත් සමඟ ඉන්දියාව සහ මාලදිවයින අතර විරසක ඇති විය.

Xiang Yang Hong 03 යනු 2016 ඉදිකරන ලද සහ චීනයේ ධජය යටතේ යාත්‍රා කරන පර්යේෂණ/සමීක්ෂණ යාත්‍රාවකි.

https://apnews.com/article/maldives-india-china-research-ship-0c12d6292f7709e72e1e1ce52e691828

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!