-0.6 C
New York

යුක්රේන සිරකරුවන් 65දෙනකු රැගත් රුසියානු යානයක් කඩා වැටෙයි

Published:

යුක්රේන යුධ සිරකරුවන් 65දෙනකු රැගත් රුසියානු හමුදා ගුවන් යානයක් යුක්රේනයට මායිම්ව ඇති දකුණු බෙල්ගොරොඩ් ප්‍රදේශයේදී කඩා වැටී තිබේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, අල්ලා ගත් යුක්රේන හමුදා සාමාජිකයින් 65 දෙනෙකු සිරකරුවන් හුවමාරුවක් සඳහා බෙල්ගොරොද් කලාපයට යන ගුවන් යානයේ සිටි බවයි.

කෙසේවුවද යුක්රේන මාධ්‍්‍ය පැවසුවේ මෙම යානය රුසියාවේ S-300 ගුවන් ආරක්ෂක පද්ධති සඳහා මිසයිල ප්‍රවාහනය කරමින් සිටි බවයි. එහි යුද සිරකරුවන් ගැන සඳහනක් නැත.

බෙල්ගොරොඩ් නගරයේ ඊසාන දෙසින් කිලෝමීටර් 70ක් ඈතින් පිහිටි යබ්ලොනොවෝ ගම්මානය ආසන්නයේ ප්‍රාදේශීය වේලාවෙන් රාත්‍රී 11:00 ට පමණ පිපිරුමක් සහ ගිනි බෝලයක් සමඟ ගුවන් යානයක් කඩා වැටෙන බව සමාජ මාධ්‍යවල බෙදාගත් වීඩියෝවෙන් දැක්වේ.

සමහර යුක්රේන මාධ්‍ය මුලින් පවසා සිටියේ යානය යුක්‍රේන හමුදා විසින් බිම හෙළන්නට ඇති බවයි, නමුත් පසුව එම වාර්තා මකා දමන ලදී.

Il-76 කඩාවැටීම පිළිබඳ පුවත නිකුත් වීමෙන් ටික වේලාවකට පසු යුක්රේනය හරහා රටපුරා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමක් කෙටියෙන් ක්‍රියාත්මක විය.

https://www.bbc.com/news/world-europe-68080529

Related articles

Recent articles

spot_img