spot_img

ගාල්ලේ රෝගීන් ගණන වෙනස් වෙයි. බූස්ස බන්ධනාගාරයෙන් පොකුරක්

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් පිළිබඳ සංඛ්‍යාලේඛනවල සංශෝධනයක් ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

ඊයේ (14) ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගින් වාර්තාවූ බව සඳහන් වූයේ 01 අයකු පමණි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 139ක් ලෙස කලින් ප්‍රකාශ කෙරිණි. ඊයේ දිනයේ දී බූස්ස බන්ධනාගාරයෙන් ද රෝගීන් 44 දෙනකු වාර්තා විය. ඉන් කිසිවෙකුත් ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවට ඇතුළත් කර තිබුණේ නැත.

දකුණු පළාත් කොරෝනා තොරුතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව සංශෝධනය කර ඇති බවයි. ඒ අනුව රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුවූ බවට මීට ඉහත ගාල්ල දිස්ත්‍රික් කෙරෝනා රෝගී ලේඛනයට එකතු කරන ලද පුද්ගලයන් 03 දෙනකු ගාල්ල ලේඛනයෙන් ඉවත්කර බන්ධනාගාර පොකුරට එකතු කර තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් බූස්ස බන්ධනාගාර පොකුර (Boossa Prison Cluster) යනුවෙන් හැඳින්වෙන කණ්ඩායමක් සඳහන් වන අතර එහි රෝගීන් සංඛ්‍යාව 47ක් වෙයි. ගාල්ල දිස්ත්‍රික්කයේ රෝගීන් සංඛයාව මෙතැන් සිට 136ක් ලෙස හඳුන්වන ලැබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ රෝගීන් 136ක්, මාතර දිස්ත්‍රික්කයේ රෝගීන් 46ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝගීන් 26ක් වශයෙන් දකුණු පළාතෙන් වාර්තාවන සමස්ථ රෝගීන් සංඛ්‍යාව 211ක් වන අතර බූස්ස බන්ධනාගාර පොකුර 47කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles