spot_img
spot_imgspot_img

මර්ධනයේ පිරිවැය, ජනතාව මතට ?

පුවත්

විදෙස්

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අවම වශයෙන් දුසිම් දෙකක්වත් සම්බන්ධ වෙමින්, පසුගිය සතියේ දී මුහුද මැද පැවැත්වූ බව කියන “සාදය” පිළිබඳ ආන්දෝලනය චෝදනාත්මක සහ ප්‍රති චෝදනාකාරී ප්‍රහාර සෑම දිශාවකට ම එල්ල වෙමින් කඩිගුලක් අවුස්සා ඇති බව පෙනී යයි. වඩාත් වැදගත් කරුණනම්, කාලයේ වැලිතලාවේ යම්තාක් දුරකට වැළලී ගොස් තිබූ පක්ෂයේ පැරණි පව් නැවත වරක් මතුවීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් නොව ජනාධිපතිවරයාට ද විවේචන රැසකට මුහුණ දීමට සිදු වීමයි.

මෙය වත්මන් ජනාධිපතිවරයා එම ධූරයට පත්වීමට හේතු වූ පසුගිය වසරේ වූ සිදුවීම්වලට පෙර පැවැති අධික වියදම් සහිත අවස්ථාවලට මේ සාදය ද බෙහෙවින් සමාන බව සිහිපත් වනු ඇත. පැරණි පුරුදු මිය යද්දී. බදු බරින් ජනතාව මිරිකෙමින් සිටින මොහොතක එවැනි විනෝදයක් ලැබීම වැරදි දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එම වරද සාධාරණීකරණය කිරීමට නිශ්ඵල උත්සාහයක් දරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකවරයා සහ බහුවිධ ප්‍රකාශකයන් සාදයේ සංවිධායකයන් ආරක්ෂා කිරීමට යාම හේතුවෙන් තත්වය තවත් නරක අතට හැරී තිබේ.

ජනතාව තුළ විනෝදවීමට හැකි මනෝභාවයක් නොමැති අවස්ථාවක, මහා භාණ්ඩාගාරයට විශාල මුදලක් වැයවන, මෙවැනි ආන්දෝලනාත්මක දෙයට තවදුරටත් කැමැත්ත ලබාදීමෙන් වැරදි පූර්වාදර්ශයක් ලබාදෙන ඇමතිවරුන් සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පාලනය කිරීමට අසමත් වීම පමණක් නොව, ඔහු ඉබාගාතයේ යන බව පෙන්වයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන ජනාධිපතිවරයා තවදුරටත් 2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් මාසයකට පසු ඔහුගේ සංචාර සහ එම සංචාරවලට අදාල වියදම් සදහා රුපියල් මිලියන 200ක පරපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලා තිබේ. එය නරක පූර්වාදර්ශයක් සහ මූල්‍යමය විනය පිළිබඳ නවරකම උදාහරණය නිර්මාණය කරනවාට සැක නැත.

ආර්ථිකය තවමත් බොහෝ දුරට ජීවන ආධාර මත රඳා පවතී. නමුත් ආණ්ඩුපක්ෂයේ බොහෝ ම්නත්‍රීවරුන් එසේ සිතන බවක් පෙනෙන්නට නැත. මූල්‍ය විනයේ බරපතලකම තේරුම් නොගැනීම සහ නිල වශයෙන් යම් ආකාරයක වියදම් කප්පාදුවක් නොමැතිවීමෙන් අදහස් කළ හැක්කේ එක් දෙයක් පමණි. එනම් ජනතාවට වැඩි බරක් පැටවෙන බවයි. ස්ථාවරත්වයේ නාමයෙන් ඔවුන් එය කොපමණ කාලයක් ඉවසා සිටීමට කැමති ද යන්න කාලය විසින් තීරණය කරනු ඇත.

රටේ වත්මන් තත්වය ආර්ථික අර්බුදයක් ලෙස හංවඩු ගැසීමට බලවතුන් විශාල වෙහෙසක් ගෙන ඇති අතර, විද්වත් කණ්ඩායම්, ආර්ථික විශ්ලේෂකයන්, දේශීය පර්යේෂන සංවිධාන සහ වඩාත් සැළකිය යුතු ලෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ නියෝජතායතන පවා එය ආණ්ඩුකරණය සහ දූෂණය මත පදනම් වූ අර්බුදයක් ලෙස විස්තර කර ඇත. අවාසනාවකට මෙන් මෙම අංශය ආමන්ත්‍රණය කිරීමට තවමත් ප්‍රත්‍යක්ෂ ක්‍රියාමාර්ග ගෙන නැත. හුදු පිළිගැනීම පවා අතහැර දමා තිබේ. සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ ඊනියා අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත වැනි නොසැළකිලිත් නීති සම්පාදනය කිරීමේ දී පාලන තන්ත්‍රය නොනවත්වා ම අත්තනෝමතික ලෙස කටයුතු කරන බව පෙනේ.

මුහුදු මැද පැවති සාදයේ තොතුරු හෙළිදරව් කිරීමේ කාලය නරක නැත. ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය දීමේ කණ්ඩායම්වල ප්‍රධානීන් එම අවස්ථාවේ දී අගනුවර සිටිය දී මෙය සිදුවිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක්, ලෝක බැංකු නියෝජිත පිරිසක් සහ ජපානයේ මුදල් අමාත්‍යවරයා එහි සිටියහ. ඔවුන් දැනට ක්‍රියාත්මක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නය සඳහා ප්‍රධාන වශයෙන් දායක වූ සහ වන පිරිසකි. අවාසනාවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති කැපවීම් 16ක් ක්‍රියාත්මක කිරීම කඩදාසිවලට පමණක් සීමා වී තිබේ. ප්‍රභූ වියදම් සීමා කිරීමට කිසිදු උත්සායක් නොගැනීම සහ ආර්ථික අර්බුදය ඇතිකළ බවට වරදකරුවන් වූළුන්ට රාජ්‍ය අනුග්‍රහය නොකඩවා ලබාදීම ආර්ථිකයේ බර දැරීමට සිදුවීම පිළිබඳ මහජනතාව විවෘතව ප්‍රශ්න කිරීමට හේතුවක් වී තිබේ.

මෙම අසමානතා හමුවේ මහජනතාවට ප්‍රතිලාභ ලබාදීම සඳහා තම බදු මුදල් අඩුවෙන් වියදම් කරන්නේ කෙසේදැයි ජනතාව ප්‍රශ්න කරති. විශේෂයෙන් ම ප්‍රවාහන, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ඇත්තේ නරක තත්වයකි. මේ අතර රුපියල් බිලියන 1.3ක් ශ්‍රී ලංකා ටෙලිකොම් විකුණා දැමීම සඳහා හුදෙක් පහසුම් ලබාදීම ඇහිබැම ඉහළ දැමීමට සමත්ව ඇති අතර එ් පිළිබඳ පාර්ලිමේන්තුවේ පැහැදිලි කිරීමක් ද ඉල්ල සිටීමට හේතු වී තිබේ.

මෙවැනි තත්වයක් තිබිය දී මුහුද මැද සාදය සංවිධානය කළ නාවික රාජ්‍ය අමාත්‍යවරයා සිදු වූ හානිය පාලන කිරීමට උත්සාහ ගත්ත ද, සුපුරුදු පරිදි එම පැහැදිළි කිරීම් ඉක්මණින් ම නරක අතට හැරිණි. අමාත්‍යවරයාට අනුව, සමස්ත සාදය “සංවර්ධන ක්‍රියාකාරකම් පරීක්ෂා කිරීම” සඳහා වූ සංචාරයක් වූ නමුත් එවැනි සංචාරයකට සහභාගීවන්නන් රතු පලසකින් පිළිගැනීමට අවශ්‍ය වූයේ මන්දැයි හෝ එය රාත්‍රියේ පැවැත්වූයේ ඇයිද යන්න පැහැදිළි කිරිමට ඔහු අපොහොසත් විය.

ඉන් අනතුරුව අමාත්‍යවරයා මුදල් අවභාවිතය පිළිබඳ චෝදනා සාධාරණීකරණය කිරීමට උත්සාහ කළේ මුළු විනෝද චාරිකාවට ම තමාගේ පෞද්ගලික මුදල් වියදම් කළ බව පවසමිනි. එය තවත් කරදරයක් ඇති කළේ, රාජ්‍ය අමාත්‍යවරයකු නිල නිරීක්ෂණ චාරිකාවක් ලෙස විස්තර කරන ලද දේ සඳහා ඔහුගේ සාක්කුවෙන් රුපියල් ලක්ෂ ගණනින් ගෙවීමට අවශ්‍ය වූයේ මන්දැයි ප්‍රශ්න කිරීමත් සමඟ ය. ඒ පැහැදිළි කිරීම නොහැකි වූ විට ඔහු කියා සිටියේ මේ දර්ශන රූගත කළ අය අත්අඩංගුවට ගත යුතු බවයි.

නමුත් මෙයින් පෙන්වාදෙන හරය සහ ගැටලුව වන්නේ ඇත්ත වශයෙන්ම මෙම සිදුවීම නොව මේ රට බංකොලොත් භාවයට ඇද දැමූ නිෂ්ඵලකම සහ නාස්තිය නැවැත්වීමට පාලන තන්ත්‍රයේ කැපවීමයි. රාජ්‍ය සම්පත් දූරදර්ශීව කළමනාකරණය කිරීමට මේ අවස්ථාවේ දී පවා භාර දී ඇති අයගෙන් බරපතළ කැපවීමක් නොමැති වීම එම නිසා එවැනි පාලකයන් වෙනුවෙන් තවදුරටත් වියදම් දැරීමට සිදුවීම මහජනතාවගේ දැඩි කනස්සල්ලට කරුණකි.

කෙසේ වෙතත් මෙම උදාසීනත්වයේ යහපත් ප්‍රතිඵලයක් වන්නේ මෑත අතීතයේ බොහෝ දුරට සමාජ දේශපාලන ක්ෂේත්‍රය තුළ නිෂ්ක්‍රීය නොබැඳි භූමිකාවක් ඉටුකළ සිවිල් සමාජ නැවත පිබිදීමයි.  1994 දී එතෙක් පැවති වසර 1ක එක්සත් ජාතික පක්ෂ පාලනය බිඳ දැමුවේ පොදු අපේක්ෂාවක් ඇතිව එක් වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සිවිල් සමාජ ප්‍රමුඛ ව්‍යාපාරය බව සිහිපත් වනු ඇත. අතීත 1994 වර්ෂයේ මෙන් ම පසුගිය වසරේ ජනතා විප්ලවය අතරතුර දී ද සිවිල් සමාජ පිබිදීමෙන් ඇති වූ තර්ජනය දුරු කිරීමට නායකත්වය වේගයෙන් ක්‍රියා කළේය.

ඩැමොක්ලස්ගේ කඩුව මෙන් එල්ලා වැටෙන රාජ්‍ය, හිංසා කිරීමේ තර්ජනය උපක්‍රමය වී ඇති බව පෙනේ, බොහෝ සිවිල් සමාජ සංවිධාන සහ ව්‍යාපාරික ප්‍රජාව ස්වයං සංරක්ෂණයේ නාමයෙන් තම ව්‍යාපාරය ගැන සිතීමට කැමැත්තක් දක්වයි. එහෙත් වත්මන් ආර්ථික තත්ත්වයන් නව ප්‍රවණතාවන් නිර්මාණය කරන බව ද පෙනෙන්නට ඇත. ප්‍රධාන ධාරාවේ සිවිල් සමාජ සංවිධාන විසින් මෙතෙක් උපායමාර්ගිකව මගහැර තිබූ භූමියේ කටයුතු කිරීමේ දී අසීමිත සහ පසුබට නොවන බව පෙනෙන බිම් මට්ටමේ නව, ඓන්ද්‍රීය, මිනිසුන් විසින් මෙහෙයවන ව්‍යාපාරයක් බව ගොඩනැගෙමින් තිබුණ ද, මෙම යථාර්ථයට ජීවමානව, රෙජීමයේ ප්‍රතිචාරය මර්ධනකාරී නීති සම්පාදනයක් බව පෙනේ. දැන් දෙවරක් සංශෝධිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත දේශීය හා ජාත්‍යන්තර විරෝධයන් පවා නොකතකමින් ක්‍රියාත්මක කිරීම පාලන තන්ත්‍රය කෙරෙහි ඇති විශ්වාසය පිළිබඳ ප්‍රශ්න මතු කර ඇත.

පසුගිය දශක තුනක කාලය තුළ මාධ්‍යයට සහ ජනතාවට නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දුන්නේ නම්, එය වගවීමේ සංස්කෘතියක් සහ යහපත් පාලනයක් ඇති කිරීමට හේතුවන සෑම හැකියාවක්ම පවතින බව අතීතයේ සහ වර්තමාන රජයන් පිළිගත යුතුය. සියල්ලට පසු, නායකයින්ට තනතුරුවල සිටින දූෂිත මැති ඇමතිවරුන් ගණන් ගැනීමට නොහැකි නම් හෝ අකමැති නම්, අඩුම තරමින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහතික කරමින් ඔවුන් වෙනුවෙන් අනෙක් අයට එම කාර්යය කිරීමට ඉඩ දීමට හැකිය.

මර්ධනය විසින් විවිධ කාලවලදී බලයේ සිටි අයට දවස් ඉතිරි කර ගත හැකි වුවද, එම උත්සාහයන් කෙතරම් අදූරදර්ශී සහ ප්‍රතිපලදායක ද නොවන්නේ ද යන්න ජාතියේ වර්තමාන තත්වය සනාථ කරයි. අලුතින් ම ආ නැවේ පැවැත්වූ සාද  කතාව රෙජීමයට අලුත්ම ප්‍රයත්නයන් සමඟින් තම සැලසුම් ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත් පෙළඹවීමක් වනු ඇතත්, මේ රටේ ප්‍රගතිය දැකීමට අවංක උනන්දුවක් දක්වන අයට එය නැවත වරක් ඔරලෝසුව ආපස්සට හරවා ගැනීමට කරන තවත් පුහු උත්සාහයකට වඩා වැඩි යමක් නොවේ. ඒමගින් මධ්‍යස්ථභාවය දිගටම වර්ධනය විය හැකි අතර අත්පුඩි ගසන දේශපාලනඥයන්ට දිගටම බලයේ එල්ලී සිටිය හැකිය

The morning පුවත්පතේ කතු වැකියක සිංහල පරිවර්ථනය. එහි මුල් ලිපියේ සබැඳිය මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!