9.9 C
New York

චීනයේ 7.0ක භූමිකම්පාවක් සමඟ පසු කම්පන 40කින් ප්‍රදේශයම දෙදරයි

Published:

චීනයේ බටහිර දිග ප්‍රදේශයේ රිච්ට් මාපක 7.0ක භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතන පවසයි. මෙම භූමිකම්පාව සිදු ව ඇත්තේ කිර්ගිස්තාන් දේශසීමාව ආසන්නයේ ෂිංජියැං ප්‍රදේශයේ  වූෂි ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයේ ය. එහි අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝ මීටර 22ක් ගැඹුරින් පිහිටා ඇති බව ද සඳහන් වේ.

චීනයේ වේලාවෙන් අද (23) අලුයම 2.09ට මෙම භූමිකම්පාව සිදුව ඇති බවත් නිවාස රැසක් කඩා වැටී ඇති අතර බොහෝ දෙනකු මියයන්නට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුවාලකරුවන් සහ හිරවී සිටින පුද්ගලයන් බේරාගැනීම සඳහා සහන කණ්ඩායම් මේ වනවිට මෙහෙයුම් දියත් කර ඇත.

චීනයේ ෂිංජියැං භූමිකම්පා ඒජන්සියට අනුව භූමිකම්පාවේ අපි කේන්ද්‍රය වූෂි සිට කිලෝ මීටර 50ක් දුරින් පිහිටා ඇති අතර අපි කේන්ද්‍රය වටා වූ කි කිලෝ මීට 20ක අරයක් තුළ  ගම්මාන 05ක් තිබී ඇත. එම ඒජන්සිය වැඩිදුරටත් පවසන්නේ එරට වේලාවෙන් අද (23) උදෑසන 8.00 වනවිට පසු කම්පන 40ක් වාර්තා වී ඇති බවයි.

ෂිංජියැං දුම්රිය දෙපාර්තමේන්තුව වහාම දුම්රිය ධාවනය නතර කර ඇති අතර භූමිකම්පාවෙන් දුම්රිය 27කට බලපෑම් සිදු වූ බව ද වාර්තා වේ.

කසකස්තානයේ භූමිකම්පා පර්යේෂණ ආයතනය මෙම භූමිකම්පාව වාර්තා කර ඇත්තේ රිච්ටර් මාපකයේ 6.7ක ප්‍රබලත්වයකිනි.  කසකස්තානයේ විශාලතම නගරය වන අල්මාටි හි නිවෙස්වලින් ඉවත්ව දැඩි ශීත දේශගුණය පවා නොතකා එළිමහනේ රැස්ව සිටි බව ද පැවසේ. මෙහි කම්පනය උස්බෙකිස්තානයට ද දැනී ඇත.

Related articles

Recent articles

spot_img