spot_img
spot_imgspot_img

Facebook, Youtube, Google ඇතුළු සමාගම් රැසක් ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ පොලිසිය, සර්ට් ආයතනය සහ විදුලි සංදේශ නියාමන කොමිසම සමඟ Facebook, Youtube, Google ඇතුළු සමාගම් කිහිපයක් දැනට පවත්වාගෙන යන සම්බන්ධතා ලබන 24 වැනි දා සිට බිඳ වැටෙන බව එම සමාගම් විසින් රජයට දැනුම් දී තිබේබ.
ෆේස්බුක්, යූ ටියුබ්, ගූගල් සමාගම් පොලීසිය, සර්ට් ආයතනය සහ විදුලි සංදේශ නියාමන කොමිසම සමග ඇති සබඳතා ලබන 24 වැනිදා සිට බිඳ වැටෙන බව එම සමාගම් රජයට දැනුම් දී ඇත.
දැනටමත් විදුලි සංදේශ නියාමන කොමිසමේ ෆේස්බුක් සබඳතාව ක්‍රියා විරහිත වී ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රකාශකයෙක් rata.lk වෙබ් අඩවියට සඳහන් කළේය.
ෆේස්බුක්, ගූගල්, එක්ස් ඇතුළු සියලු සමාජ මාධ්‍ය සමාගම් මෙම ආයතන සමග පවත්වන නිල සම්බන්ධතාවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ සහ සර්ට් ආයතනයේ පරීක්ෂණ වලට බෙහෙවින් උපකාරයක් වී ඇත.
ආණ්ඩුව විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඔන්ලයින් ආරක්ෂණ පනත 24 දා සම්මත වීමෙන් පසු මෙම නිල සම්බන්ධතවන්වල අවශ්‍යතාවක් නැතැයි එම සමාගම් රජයට දැනුම් දී තිබේ.
මෙම සමාගම් ආණ්ඩුවේ පනතට සිය විරෝධතාව දෙවරක්ම ප්‍රකාශ කර තිබේ.
වගන්ති 33ක් වෙනස් කරන ලෙසත්, වගන්ති 32ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එම වගන්ති වෙනස් නොකරන්නේ නම් 2/3ක බහුතරයකින් සම්මත කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදුන් ඔන්ලයින් ආරක්ෂණ පනත නැවත ජනාවාරි 23 වැනි දා එනම් හෙට, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම පනතට එරෙහිව පෙත්සම් 52ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එම පෙත්සම් සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පාර්ලිමේන්තුවට යොමුකිරීමෙන් පසු 2023 නොවැම්බර් 07 දා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
එම පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ආරම්භයේ දී ම සඳහන් කර තිබුණේ ඔන්ලයින් ආරක්ෂණ පනත සම්මත කිරීම අත්‍යාවශ්‍ය බවයි. නමුත් එහි ඇති වගන්ති 33ක් වෙනස් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සදහන් විය.
එම පනතේ “3, 5, 7, 9, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 25, 26, 27, 28, 29, 30, 31, 32, 36, 37, 42, 45, 53 හා 56 වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 84.2 වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මතකළ යුතුය.” යනුවෙන් සඳහන්කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය වන්නේ එම පනතේ වගන්ති 31ක සඳහන් කරුණු සංශෝධනයන්ට ලක්කරන්නට හැකිනම් පමණක් 1/2 සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි. නැතිනම් 2/3ක බහුතර බලයක් අවශ්‍ය වේ.
කෙසේ වෙතත් මෙම පනත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා මාස තුනක කාලයක දී නිසි ක්‍රමවේදයක් අනුව උපදේශන ක්‍රියාමාර්ග ඇතුළත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන සහ Asia Internet Coalition ආයතනය සමඟ ද එකඟතාවකට එළැඹ තිබිණි.
Asia Internet Coalition යනු ගූගල්, ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල සේවා සපයන සාමගම් 18ක එකතුවකින් සමන්විත ආයතනයකි.
ටිරාන් අලස් අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක, පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ නීතිඥ රුවන් ගුණසේකර සහ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අව්කන සංජීව ඇතුළු පිරිසක් සිංගප්පූරුවට ගොස් මේ ගැන සාකච්ඡා පවත්වා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!