-3.4 C
New York

හාමුදරුවරුන් ලිංගික හිංසන කරන බව කී, භික්ෂුව ශාසනයෙන් නෙරපයි

Published:

තමන් පවා සාමණේර හිමිනමක ලෙස සිටිය දී නායක හිමිවරුන්ගෙන් ලිංගික අතවරයට පත් වූ බවත් සංඝ ශාසනය තුළ පොඩි හාමුදුරුවරුන්ට ලිංගික අතවර නොකරන භික්ෂුවක් නොමැති බවත් පැවසූ විශ්වබුද්ධි නමින් පෙනී සිටින පූජ්‍ය රත්නපුරේ විමලබුද්ධි නමැති උපසම්පදා ශාස‍නයෙන් නෙරපීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක මකුලෑවේ විමලාභිධාන හිමි විසින් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත දැනුම් දී තිබේ.

විශ්වබුද්ධි නමින් පෙනී සිටිමින් සමාජ මාධ්‍යය හමුවේ බල්ලෙකුට සිවරක් ඇන්දවා, “සිවුරට ගරු කරනවානම් දැන් බල්ලාට වඳින්න” යැයි පැවසූ වීඩියෝවක් වේගයෙන් සංසරණය විය. බල්ලෙකුට සිවුරක් ඇන්දවීමෙන්, බුදු දහමට නිගරු කළේ යැයි කියමින් ඔහු පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඉන් පසු ඇප මත නිදහස් වූ ඔහු යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් තමන් අතවරයට ලක්වූ බවත් බෞද්ධ භික්ෂූන්ගේ ලිංගික හැසිරීම් ගැනත් හෙළිදරව් කර තිබිණි.

පසුගිය දෙසැම්ර් 15 වැනි දා පැවති රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව එම තීරණය  ගෙන ඇතැයි ද දැනුම් දී ඇත.

ඒ අනුව රත්නපුරේ විමලබුද්ධි හිමිගේ භික්ෂූත්වය අහිමිවනු ඇත.

කෙසේ වෙතත්, රටපුරා අධිකරණවල ළමා අපචාර චෝදනාවලට සැකපිට සහ ස්ත්‍රී දූෂණ චෝදනාවලට සැකපිට බෞද්ධ භික්ෂූන්ට ඓරෙහිව නඩු ගණනාවක් විභාග වෙමින් පවතින අතර භික්ෂූන් කිහිප දෙනකු ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර හේතුවෙන් බන්ධනාගාරගත වී සිටිති.

එවැනි භික්ෂූන්ට එරෙහි ක්‍රියාමාර්ග නොගන්නා තත්වයක් තුළ භික්ෂූන් සිදුකරන ලිංගික අතවර හෙළි කළ විශ්වබුද්ධ ශාසනයෙන් නෙරපා තිබේ.

Related articles

Recent articles

spot_img