-0.6 C
New York

පාසලේ ගින්නෙන් දරුවන් 13ක් මරුට

Published:

චීනයේ මධ්‍යම හෙනාන් පළාතේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුන් 13 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙයි. යන්ෂාන්පු ගම්මානයේ යින්ග්කායි පාසලේ සිකුරාදා (20) රාත්‍රියේ මෙම මාරාන්තික ගින්න ඇති විය.

පාසලේ ගුරුවරියක් පැවසුවේ මියගිය සියලු දෙනා තුන්වන ශ්‍රේණියේ එකම පන්තියේ දරුවන් බවයි.

ගින්න ඇති වන විට නේවාසිකාගාරයේ සිසුන් 30 දෙනෙකු පමණ සිට ඇති අතර ඉතිරි සිසුන් ආරක්ෂිතව ඉවත් කර ඇත. ගිනි නිවන භටයන් දැනුවත් කිරීමෙන් පැයකට අඩු කාලයකදී ගින්න නිවා දැමූ බව ෂින්ෂුවා පුවත් සේවය වාර්තා කරයි.

මියගිය අයගේ අනන්‍යතාව හෝ ගින්නට හේතුව පිළිබඳ වැඩිදුර තොරතුරු නිල නාලිකා හරහා ප්‍රකාශයට පත් කර නොමැත.

රාජ්‍ය මාධ්‍යවල ඡායාරූපවලින් දැක්වෙන්නේ නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ජනෙල් කිහිපයක් කඩා දමා ඇති අතර, පොලිස් නිලධාරීන් එම ස්ථානයේ මුර සංචාරයේ යෙදී සිටින බවයි.

පාසල වසර දහයක් තිස්සේ ක්‍රියාත්මක වූ පුද්ගලිකව පවත්වාගෙන යන පාසලක් වන අතර, අවට ගම්බද ප්‍රදේශවල ජීවත් වන ළදරු පාසල් සහ ප්‍රාථමික වයස්වල සිසුන් සඳහා පහසුකම් සපයයි.

ගොඩනැගිලි සහ ආරක්ෂක ප්‍රමිතීන් ලිහිල් වීම හේතුවෙන් චීනයේ මෙවැනි මාරාන්තික ගිනිගැනීම් බොහෝවිට ඇතිවේ.

පසුගිය අප්‍රේල් මාසයේදී බීජිං හි රෝහල් ගින්නකින් 29 දෙනක් මිය ගියහ.

https://www.bbc.com/news/world-asia-68038976

Related articles

Recent articles

spot_img