-2.5 C
New York

සේවිකාවකට පහරදුන්නා යැයි වෛද්‍යවරයා රිමාන්ඩ්

Published:

කරාපිටිය ශික්ෂණ රෝහල් සේවිකාවකට පරහදුන් බව කියන, විශේෂඥ වෛද්‍යවරයා ලබන 22 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (18) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකය භාර ශල්‍ය වෛද්‍යවරයා ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය ක්‍රිෂන්ත පෙරේරා ය.

පසුගිය 16 වැනි දා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 72එක් ව ක්‍රියාත්මක කරන ලද වැඩ වර්ජනයට පිළිකා ඒකකයේ සේවක එක්වීම හේතුවෙන් වෛද්‍යවරයා සහ ඔවුන් අතර ආරවුලක් ඇති වුව ද 16 වැනි දා පෙරවරුවේ ම රෝහලේ පාලන අධිකාරිය මැදිහත් වී එය සමථයකට පත්කර තිබිණි. පිළිකා ඒකකයේ සේවක සේවිකාවන් අදාල වර්ජනයට සහභාගී නොවන බව ඊට පෙර දිනයේ දී දැනුම් දී තිබිය දී කලින් නොදන්වා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් වෛද්‍යවරයා වැඩ වර්ජනය පැවැති දිනට පසු දින (17) එම සේවක සේවිකාවන්ට සේවයට වාර්තා නොකරන ලෙස බලපෑම් කර තිබූ බව ‍රෝහල් පාලන අධිකාරිය පවසය.

පසුව ඊයේ  (17) සවස විශේෂඥ වෛද්‍ය ක්‍රිශන්ත පෙරේරා තමන්ට පහරදුන් බව කියමින් රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවක් රෝහල්ගත වූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න යැයි පවසමින් රෝහල් සේවක සේවිකාවෝ උද්ඝෝෂණයක ද නිරතවූහ. ඒ අනුව අද උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

පොලිසිය අධිකරණයේ දී කියා සිටියේ කරුණු වාර්තා කරමින් කියා සිටියේ පිළිකා වාට්ටුවේ සේවකයන් වර්ජනයට එක්විම වළැක්විමට පියවර ගන්නා ලෙස සැකකාර වෛද්‍යවරයා රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබුණ ද සේවක සේවිකාවන් වර්ජනයට එක්ව සිටි බවයි.

Related articles

Recent articles

spot_img