spot_img

අධිවේගයේ දී, මගී බසයක් ගිනිගෙන විනාශ වෙයි

පුවත්

විදෙස්

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද (15) දහවල් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

ගින්න ආරම්භ වූ අවස්ථාවේ දී ම එහි සිටි මගීන් රථයෙන් බැස්සවීමට රියදුරු සහ කොන්දොස්තරවරයා කටයුතු කර තිබූ බැවින් කිසිවෙකුට හානි සිදුව නැත. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් ගින්න නිවා දැමීමට කටයුතු කළ ද ඒ වනවිට බසය මුළුමින්න ම ගිනිගෙන විනාශ වී තිබිණි.

ගිනිගත් බස් රථය මාර්ගයෙන් ඉවත්කර මාර්ගය නැවත යථාතත්වයට ත්කරන තුරු කසාගල පිවිසුමෙන් යළි බෙලිඅත්ත පිවිසුමෙන් ඇතුල් කරන බව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles