spot_img
spot_imgspot_img

රටේ තිබූ කර්මාන්තවලින්, 20%ක් ම වසා දමලා

පුවත්

විදෙස්

2019 වර්ෂයේ සිට 2023 වර්ෂය අවසානය දක්වා කාලයේ දී ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම කර්මාන්තශාලා 263,100ක් වැසී ගොස් ඇතැයි පේරාදෙණිය විශ්වවිදයාල‍යේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

2019 ආරම්භ වන විට ක්ෂුද්‍ර කර්මාන්ත 1,203,600ක් රටේ පැවැති නමුත් 2023 අවසන් වන විට ඉන් ඉතිරිව ඇත්තේ කර්මාන්තශාලා 948,900 ක් පමණි. සමස්ත කර්මාන්ත ශාලා 1,300,300ක් රටේ පැවති අතර දැන් ඉතිරිව ඇත්තේ 1,037,100කි.

මෙලෙස වැසීගිය කර්මාන්තශාලා අතරින් 204,100ක් ස්ථිර වශයෙන් ම වසා දමා ඇති බව ද 59,100ක් තාවකාලිකව වසා දමා ඇති බව ද මහාචාර්යවරයා පෙන්වා දෙයි.  ඒ අනුව ස්ථිර හා තාවකාලිකව වසා දැමූ කර්මාන්තශාලා අතරින් 254,700ක් ක්ෂුද්‍ර කාණ්ඩායට අයත් බවත්, කුඩා කර්මාන්ත 7,300ක් සහ මධ්‍යම කර්මන්ත 1,100ක් වැසී ගොස් ඇති බවත් මහාචාර්ය අතුකෝරළ කියයි.

කොරෝනා වසංගතයේ පැතිරීම හේතුවෙන් රට වසා තැබීමට සිදුවීම, ආර්ථික අර්බුදය සහ ස්වාභාවික හේතු කර්මාන්තශාලා වැසී යෑමට ප්‍රධාන වශයෙන් හේතු සාධකවී ඇති බව පෙනී ගොස් ඇතැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!