spot_img
spot_imgspot_img

ඇමරිකාව හවුති කැරළිකරුවන්ට දිගටම පහර දෙයි

පුවත්

විදෙස්

ඇමරිකානු හමුදා අද(13) අලුයම යේමනයේ හවුති පාලනය යටතේ පවතින ස්ථානයකට තවත් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව එක්සත් ජනපද නිලධාරීහු තහවුරු කළහ.

ටොමාහෝක් මිසයිල භාවිතා කරමින් හූති රේඩාර් අඩවියට යූඑස්එස් කාර්නි නම් නෞකාව මගින් මෙම ප්‍රහාරය එල්ලකර ඇත.  යේමනයේ අගනුවර වන සානා හි ඇසෝසියේටඩ් ප්‍රෙස් මාධ්‍යවේදීන්ට එක් විශාල පිපිරීමක් ඇසුණ බව පවසා ඇත. එහෙත් ඔවුන් වැඩිදුර තොරතුරු සපයා නැත.

ගුවන් ප්‍රහාරය එල්ල වූයේ ඉරානයේ පිටුබලය ලබන හවුති කැරලි කන්ඩායම රතු මුහුදේ නැව් යාත්‍රා ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙනි. එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය හූති පාලනය කරන යේමනයේ ඉලක්ක දුසිම් ගනනකට සිකුරාදා ද ප්‍රහාර එල්ල කළේය.

ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා පැවසුවේ සිකුරාදා, යුධෝපකරණ ගබඩා, දියත් කිරීමේ පද්ධති, නිෂ්පාදන පහසුකම් සහ ගුවන් ආරක්ෂක රේඩාර් පද්ධති ඇතුළු ස්ථාන 30කට ආසන්න ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කළ බවයි.

සිකුරාදා ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් හය දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ගුවන් ප්‍රහාර නොතකා, හවුති ව්‍යාපාරයේ දේශපාලන කවුන්සිලය රතු මුහුදේ වාණිජ නැව් ඉලක්ක කරගෙන දිගටම ප්‍රහාර එල්ල කරන බවට සිකුරාදා පොරොන්දු විය. දහස් ගණන් පෙළපාලිකරුවන් සානා අගනුවරට සිකුරාදාට පැමිණ, එක්සත් ජනපද ධජ පුළුස්සා “දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨ ය, ඇමරිකාවට මරණය, ඊශ්‍රායලයට මරණය” යනුවෙන් පවසමින් විරෝධතා කළහ. 

හවුති ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් එක්සත් ජනපදය ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ජනාධිපති බිඩෙන් සිකුරාදා වාර්තාකරුවන්ට පෙන්වා දුන්නේය.

පෙන්සිල්වේනියාවේ ඇලෙන්ටවුන් හි කුඩා ව්‍යාපාරික චාරිකාවක් පවත්වමින් බිඩෙන් පැවසුවේ “හූතිවරුන් අපගේ මිත්‍ර පාක්ෂිකයින් සමඟ මෙම සාහසික හැසිරීම දිගටම කරගෙන යන්නේනම් ඔවුන්ට ප්‍රතිචාර දැක්වීමට අපි වග බලා ගන්නෙමු” යනුයවනි.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, බහරේනය, කැනඩාව, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ජර්මනිය, නවසීලන්තය සහ කොරියානු ජනරජය සිකුරාදා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “අඛන්ඩව පවතින නීතිවිරෝධී, භයානක සහ අස්ථාවර හූති ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්ක‍රහාර එල්ල කළ බවයි.

නොවැම්බර් 19 සිට, රතු මුහුදේ ගමන් කරන වාණිජ නැව් ඉලක්කකර යේමනයේ හූති පාලන ප්‍රදේශවලින් අවම වශයෙන් ප්‍රහාර 28ක් සිදුවී ඇත. මෙම ප්‍රහාර හේතුවෙන් යෝධ නැව් සමාගම් කිහිපයක් සූවස් ඇළ මඟහැර අප්‍රිකාව පුරා සංක්‍රමණය කිරීමට පොළඹවා ඇත.  

ජනවාරි 9 වෙනිදා හවුති කැරලිකරුවන් විශාලම ප්‍රහාරය දියත් කළහ. ඩ්‍රෝන යානා 18ක්, නැව් විරෝධී කෲස් මිසයිල දෙකක් සහ එක් නැව් නාශක බැලස්ටික් මිසයිලයක් රතු මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ හමුදා විසින් කිසිදු තුවාලයක් හෝ හානියක් නොමැතිව සාර්ථකව බිම හෙළන ලදී.

 හූතිවරුන්ගේ රතු මුහුදේ ප්‍රහාරවලට දැඩි ලෙස ලෙස සම්බන්ධ බවට  ධවල මන්දිරය පසුගිය මාසයේ ටෙහෙරානයට චෝදනා කළ අතර ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.    

බිඩෙන් පරිපාලනය ඊශ්‍රායල හමාස් ගැටුම,  මැද පෙරදිග පුරා පුළුල් කලාපීය යුද්ධයක් බවට පත්වීම වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කර ඇත, නමුත් යුද්ධය ආරම්භ වූ දා සිට රතු මුහුදේ සහ ඉරාකයේ එක්සත් ජනපද හමුදාවන්ට එරෙහිව ප්‍රහාර දියත් කරමින් සිටිති.

https://www.cbsnews.com/news/u-s-launches-another-strike-houthi-rebels-yemen/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!