-1.6 C
New York

දිවියලෝක‍ේ යන්න සියදිවි නසාගන්නා කල්ලියේ හාමුදුරුවරුත්

Published:

දිවියලෝකයේ යාමට බලාපොරොත්තුවෙන් සියදිවි නසා ගන්නා කල්ලියකට සම්බන්ධ වූ භික්ෂූන් ඇතුළු 30 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් හඳුනාගත් බව පොලිස් බුද්ධි අංශ පවසයි.

රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයකු විසින් ඔහුගේ අනුගාමිකයන් පිරිසක් දිවියලෝකයේ යාමට ජීවිතය අතහරින ලෙස මතවාදී පෙළඹවීමක් කර ඇතැයි වාර්තා වේ.

පොලිසිය පවසන්නේ මෙම පිරීස අතර බෞද්ධ භික්ෂුන් කිහිප දෙනෙකුද සිටින බව හෙළි වී ඇත. බෞද්ධ ධර්ශනයේ සැඟවුණු පැත්තක් ඇති බව පවසමින් එම කණ්ඩායම විසින් පොළොන්නරුව සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල වසර 10ක පමණ කාලයක් පුද පූජා පවත්වා ඇතැයි ද හෙළිදරව් වී ඇත.

පොලිසිය පවසන්නේ මෙලෙස හඳුනාගත් පුද්ගලයන් එවැනි අනත්ගාමී අදහස්වලින් මුදා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.

සියදිවි නසා ගැනීමේ අදහසක් ඇති අයකු සම්බන්ධයෙන් හදිසි උපකාරක අංශ

* CCCline – 1333

* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308

* ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)

Related articles

Recent articles

spot_img