spot_img
spot_imgspot_img

උසස් පෙළ කාලසටහනේ වෙනසක්

පුවත්

විදෙස්

මෙවර උසස් පෙළ විභාගය සඳහා කලින් ලබා දී තිබූ කාලසටහන භාවිතා නොකරන ලෙසත් එහි සුළු වෙනසක් සිදුකර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

ඔහු පවසන්නේ මෙවර අලුත් විෂයක් ලෙස කොරියානු භාෂාව උසස් පෙළට එක්කර ඇති බැවින් මේ වෙනස කරන්නට සිදු වූ බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ කීවේය.

“ඇතැම් වෙබ් අඩවිවල තවමත් පරණ කාලසටහන දාලා තියෙන්න පුළුවන්. අපි එහි පුංචි වෙනසක් කළා. ඒ නිසා මා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා කලින් පැවති කාලසටහන පාවිච්චි කරන්න එපා කියලා. ඒ නිසා අපේක්ෂකයන්ට පහසු වෙන්න අපිප ප්‍රවේශපත්‍රයේ ම කාලසටහන දක්වා තියෙනවා. විභාග ප්‍රවේශ පත්‍රයේ වෙන්කර ගතහැකි කොටසේ තමන් පෙනී සිටින විෂයයට අදාලව එම විෂය සඳහා විභාගය පැවැත්වෙන දින පැහැදිලිව සටහන් කරලා තියෙනවා. වෙනත් කිසිදු තැනක ඇති දින සහ කාලය ගැන හිතන්න එපා කියා අපි දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.”

මේ අතර, ආපදා අවදානම සහිත ප්‍රදේශවල පිහිටි උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙනුවට විකල්ප පාසැල් සූදානම් කිරීම සඳහා වැඩපිළිවලක් ක්‍රියාත්මක වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසන්නේ, අනුරාධපුර, කැකිරාව, පොළොන්නරුව, පස්සර, අම්පාර, මඩකලපුව සහ හසලක යන ප්‍රදේශ පිළිබදව දැඩි අවදානය යොමුකර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!