-0.3 C
New York

ගුවන් යානා දෙකක් ගැටේ. පස් දෙනකු මරුට

Published:

ජපානයේ ටෝකියෝ නුවර හෙනෙඩා ගුවන්තොටුපොළේ දී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 05 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන්තෙ‍ාටුපො‍ළට ගොඩබෑමට පැමිණි එයාර් බස් 350 යානයක් ගුවන් ගතවීමට සූදානම්ව තිබූ වෙරළාරක්ෂක යානයක් සමඟ ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත.

හොකයිඩෝ සැපරෝ නගරයේ සිට හෙනෙඩා ගුවන්තොටුපොළට පැමිණ තිබුණේ මගීන් සහ කාර්ය මණ්ඩලයේ 379 දෙනෙකු ද සමගිනි. එම අනතුරත් සමඟ වෙරළාරක්ෂක යානය පිපිරී ගිනි ගෙන ඇත. එම යානයේ සිටි 05 දෙනා ම මියගොස් ඇත.

ඔවුන් මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඊයේ (01) සිදු වූ භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට අවශ්‍ය ආහාර තොයක් රැගෙන යාමට සූදානම්ව සිටිය දී ය. මගී ගුවන් යානයේ සිටි 379 දෙනා ම නිරුපද්‍රිතව සිටින බව ද ජපන් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් පසු හෙනෙඩා ගුවන් තොටුපොළේ සියලු ගුවන් පථ වසා දැමුණු අතර, ගුවන් තොටුපොළට පැණෙන්න වූ සියලු ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළවලට හරවා යැවුණි.

Related articles

Recent articles

spot_img