spot_img
spot_imgspot_img

මුහුදුබඩ දුම්රිය ධාවනයේ ලොකු වෙනසක්

පුවත්

විදෙස්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන රුහුණු කුමාරී දුම්රිය හෙට (01) වැනි දා සිට අලුයම 5.25 ට බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතය. එම දුම්රිය මෙතෙක් ආරම්භ වූයේ මාතර දුම්රිය ස්ථානයෙනි.

එමෙන් ම සතියේ දිනවල පමණක් ධාවනය වූ සාගරිකා දුම්රිය සෙනසුරාදා දිනයේ දී ද ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සතියේ දිනවල රාත්‍රී 08.35ට මරදාන සිට දකුණු පයාගල දක්වා ධාවනය වන හෙට (01) රාත්‍රී සිට අලුත්ගම දක්වා දීර්ඝ කර ඇත.

එමෙන් ම සවස 2.00 මරදාන සිට අලුත්ගම දක්වා ධාවනය වන දුම්රිය හෙට සිට සවස 1.55ට ධාවනය ආරම්භ කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!