වැට් බදු වැඩිකිරීම හේතුවෙන් ජනවාරි 01 වැනි දා සිට සියලුම ජංගම දුරකථන, ස්ථාවර දුරකථන, අන්තර්ජාල සේවා සහ මුදල් වෙන රූපවාහිනී නාලිකා සඳහා අයකරන ගාස්තුව 3%කින් වැඩිවීමට නියමිතය.
මෙතෙක් එම සේවාවන් සඳහා පැවැතියේ 15%ක වැට් බද්දක් වන අතර නව සංශෝධනයෙන් එම මුදල 18% දක්වා වැඩිවෙයි.