-5.2 C
New York

විස්සයි – 20 නායකත්වය වනිඳුට. සංචිතය නම්කරයි

Published:

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ජනවාරි මාසයේ මෙරට දී පැවැත්වෙන විස්සයි – 20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංග නම්කර ඇති අතර උපනායකයා ලෙස චරිත් අසලංකා නම්කර ඇත. ඔවුන් දෙදෙනාම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුන්වීම විශේෂත්වයකි.

තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලිය සඳහා කලකට පසු ඇන්ජලෝ මැතිව්ස්, භානුක රාජපක්ෂ සහ බිනුර ප්‍රනාන්දු තිදෙනා ද කැඳවා තිබේ.

මැතිව්ස් ශ්‍රී ලංකා විස්සයි – 20 සංචිතයකට එක්වන්නේ 2021 වර්ෂයෙන් පසුවය.

මෙම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ද අනුමැතිය ලැබී ඇත.

සංචිතය පහත සඳහන් පරිදිය.

වනිඳු හසරංග (නායක)
චරිත් අසලංක (උප නායක)
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
සධීර සමරවික්‍රම
දසුන් ශානක
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
මහීෂ් තීක්ෂණ
නුවන් තුෂාර
කුසල් ජනිත්
භානුක රාජපක්ෂ
කමිඳු මෙන්ඩිස්
මතීෂ පතිරණ
දුනිත් වෙල්ලාලගේ
අකිල ධනංජය
ජෙෆ්රි වැන්ඩර්සේ
චාමික කරුණාරත්න
බිනුර ප්‍රනාන්දු
ප්‍රමෝද් මධුෂාන්
ඩිල්ෂාන් මදුෂංඛ

දුෂ්මන්ත චමීර

Related articles

Recent articles

spot_img