spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවට නිරිතදිගින්, භූමිකම්පා මාලාවක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවට නිරිත දිගින් මාලදිවයින් ආන්න මුහුදේ අද (29) අලුයම සිට මේ දක්වා භූමිකම්පා 04ක් වාර්තා වී ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ඳහන් කරයි.

එම භූමිකම්පා රිච්ඩ්ර් මාපක 4.8, 5.2, 5.8 සහ 5.0 ලෙස සටහන්ව ඇත.

හතරවැනි භූමිකම්පාව අද (29) උදෑසන 8.00 ට පමණ රිච්ටර් මාපක 5.0 ක් ලෙස සිදුව ඇති බව ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන කීවාය.

මෙම භූමිකම්පා සිදුව ඇත්තේ මාලදිවයින ආසන්නයේ මුහුදු පත්ලේ ඇති කඳුවැටියක බවත් ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවත් ඇය පවසයි.

ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටිය සහ අප්‍රිකානු භූ තැටිය එකිනෙක මායිම්වන ප්‍රදේශයේ මෙම භූමිකම්පා සිදුවෙමින් පවතී. මෙවැනි ප්‍රදේශයක භූමිකම්පාවක් ඇති වූ විට එහි දී ඇතිවන කම්පන තරංගය හේතුවෙන්න ඒ ආසන්න භූ තැටියේ සිදුවන චලනයන් යළි යථාවත් වීම සඳහා භූමිකම්පා කිහිපයක් ම සිදුවීම සාමාන්‍ය ස්වභාවයයි. එවැනි අවස්ථාවකදී අඩු කම්පනයකින් කම්පන මාලාව ආරම්භ වී ක්‍රමයෙන් එහි විශාලත්වය වැඩි වී නැවත අඩු කම්පන සිදුවීම සාමාන්‍ය ස්වභාවයයි.

කෙසේ වෙතත් සුනාමි තත්වයක් ඇතිවීමට නමු, මුහුදු පත්ලේ සිට අඩු ගැඹුරකින් භූමිකම්පාවේ අපි කේන්ද්‍රය පිහිටිය යුතු අතර එහි අගය රිච්ටර් මාපක 7.0 ඉක්මවිය යුතුය. එමෙන්ම මුහුදු පත්ලේ සිදුවන එවැනි භූමිකම්පාවකින් සුනාමි තත්වයක් ඇතිවීමට නම් භූමිකම්පාවේ දී පොලොව කම්පනය වීම සිරස් අතර සිදුවිය යුතුය. භූ විද්‍යාඥයන් පවසන්නේ එවැනි සිරස් අතට කම්පනයක් සිදුවන්නේ ඉතාමත් කලාතුරකින් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!