-2.5 C
New York

දරුවන් අතර කොරෝනා පැතිරීමේ අවදානමක්. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Published:

දරුවන් අතරේ කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක් ඇති බව කො‍ළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ ළමා රෝග වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

මේ හේතුවෙන් දරුවන් පරෙස්සම් කරගන්නා ලෙස ද ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

පසුගිය දින කිහිපයේ දී කොරෝනා ආසාදිත දරුවන් දෙදෙනකු වාර්තා වූ බව ද ඔහු සඳහන් කළේය.

සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතින දරුවන් සිටී නම් ඔවුන් අනිවාර්යයෙන්ම මුව ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මෑතකදී පරීක්ෂාවට ලක් කෙරුණු දරුවන් අතරින් බහුතරයකට වැළඳී තිබුණේ ඉන්ෆ්ලූවන්සා වයිරසය බවද ප්‍රකාශ කළේය.

දරුවන් අතර ශ්වසන රෝග කිහිපයක් ම ව්‍යාප්ත වෙමින් පවතින අතර පාචනය වැළඳුණු දරුවන් කිහිප දෙනකු ද සොයාගත් බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

Related articles

Recent articles

spot_img