-2.5 C
New York

කතරගම දේවාලේ කෙරුවාව ගැන, අත්අඩංගුවට ගත් මහ කපුවා කියූ කතාව

Published:

කතරගම දේවාලයට බැතිමතුන් විසින් පූජා කරන දේ ඒ ඒ දිනවල පූජාව භාරව සිටින කපු මහතුන්ට අයත් බවත් පවුම් 38ක් බරැති රන් තැටිය පූජා කළේ තමන් පූජාව භාරව සිටි දිනයක බැවින් එම තැටිය තමන් රැගෙන ගිය බවත් කතරගම දේවායේ ප්‍රධාන කපුවා වූ සොමිපාල ටී.රත්නායක කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන්ට වසා තිබිණි

මෙම රන් තැටිය අස්ථානගතවීම සම්බන්ධයෙන් දේවාලයේ බස්නායක නිළමේවරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කපුවා අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටිය දී හෙතෙම අතුරුදන් විය.

දින කිහිපයකට පසු අද (27) උදෑසන 7.30ට පමණ කොළඹ අපරාධ කොට්ඨසයට පැමිණි සොමිපාල රත්නායකගෙන් එම නිලධාරීන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඉන්පසු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැර තිබිණි.

ඉන්දියාවේ සැඟව සිටිය දී මියගිය පාතාල කල්ලි නායකයකුගේ බිරිඳ විසින් මෙම රන්තැටිය කතරගම දේවාලයට පූජාකර තිබිණි. ඒ ඔවුන්ගේ පුතාගේ අපලයක් දුරුවීම සඳහා යැයි කියන පූජාවක් සඳහාය.

දේවාලයේ ගබඩාවේ තිබිය යුතු පවුම් 38ක් බරැති රන්තැටිය එහි නැතැයි ද ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන්න යැයි ද කියමින් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් වික්‍රමරත්න ගුණසේකර විසින් 2021 ඔක්තෝබර් මාසයේ දී පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර තිබිණි.  ඒ වනවිට දේවාලයේ ගබඩා භාරකරු වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා පවුම් 25ක් පමණ බරැති වෙනත් රන් තැටියක් දේවාලයට භාරදී තිබුණේ එය අස්ථානගත වූ රන් තැටිය බව පවසමිනි.

චූටි කපුවා යනු ප්‍රධාන කපුවාගේ මුණුපුරාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබූ අතර ප්‍රධාන කපුවා සහ චූටි කපුවා දෙදෙනා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි දැනුම් දී තිබිණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දෙසැම්බර් 12 වැනි දා කපුවන් දෙදෙනාගේ නිවෙස් පරීක්ෂා කරන අවස්ථාවේ ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් තිබිණි.

සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා,  දෙසැම්බර් 19 වනදා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ භාරවීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදා හැරුණි.

කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා වන 85 හැවිරිදි සොමිපාල ටී. රත්නායක ව සොයාගැනීමට පොලිසියට නොහැකි වූ අතර ඔහුගේ දියණියක් පසුගිය 23 වනදා කතරගම පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා සිටියේ සිය පියා අතුරුදන්ව ඇති බවයි.

මේ අතර කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලැබෙන ආධාර 50%කින් පමණ අඩුවී ඇතැයි එහි කපුවෝ කියති.

කතරගම දේවාලයේ පුද පූජා පවත්වන‍්නේ ස්කන්ධ කුමාර නමැති දෙවියකුට බව කියමිනි. ස්කන්ධ කුමාර යනු හින්දු සංකල්පවල එන දෙවිකෙනෙකි. ශ්‍රී ලංකාවට හින්දූණ්ගේ බලපෑම පැමිණිවිට මේ දේවාලය මෙහි ස්ථාපිත වී තිබේ.

සමාජ විද්‍යාඥයන් පවසන්නේ දෙවියන් යනු හුදෙක් සංකල්පමය සිද්ධාන්තයක් පමණක් බවයි. සැබැවින්ම දෙවියකු නොමැති බවත්, දෙවියන් යනු මිනිසාගේ නිර්මාණයක් බවත් දෙවියන්ට කැපවූ වස්තුව පරිහරණය කිරීම දේව උදහසට ලක්විය හැකි යැයි පැවසුව ද දේවාලවලට අරක්ගෙන ඇති කපුවන්, බස්නායක නිළමේවරු ඇතුළු පිරිස් එම වස්තුව සිත්සේ භුක්ති විඳිමින් බැතිමතුන් රවටා තම මඩිය තරකරගන්නා බවත් විද්වතුන්ගේ මතයයි.

කතරගම දේවාලයේ මහ කපුවා සහ චූටි කපුවා ඒ බව දැන් සනාථ කර තිබේ.

දෙවියන්ට පුදදෙන සියලු දේ භුක්ති විඳින්නේ මේ පුද්ලයන් විසිනි. තවදුරටත් ශ්‍රී ලාංකික ජනතාව මේ කපුවන්ට රැවටිය යුතු ද යන්න විමසා බැලිය යුතුය.

Related articles

Recent articles

spot_img