-2.5 C
New York

ආගමට අපහාස කළැයි, ඉංජිනේරු සිසුවෙක් රිමාන්ඩ්

Published:

ආගමික අපහාසයක් ඇතිවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පළකිරීම් සිදුකර ඇතැයි යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් තරුණයකු ලන 07 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට අලුත්කඩේ අංක 06 අධිකරණය ඊයේ (22) කටයුතු කළේය.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මෙම නියෝගය නිකුත් කළේය.

ආගම්වලට අපහාස කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පසුගිය 13 වැනි පරිගණක අපරාධ කොට්ඨාසයේ ස්ථාපිත කරන ලද නව ඒකය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මේ දක්වා එම ඒකකයට පැමිණිලි 4ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 3ක්ම ලැබී තිබුණේ එක් පුද්ගලයෙක් පිළිබඳය. ඔහු ෆේස්බුක් ඔස්සේ බුද්ධාගමට සහ කතෝලික ආගමට අපහාස වන ආකාරයේ තොරතුරු පළ කර ඇතැයි අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු පුද්ගලික විශ්වවිද්‍යාලයක මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාවක් හදාරන 23 හැවිරිදි තරුණයෙකි.

Related articles

Recent articles

spot_img