-2.5 C
New York

මාතර බන්ධනාගාරයේ උණ පැතිරෙයි. අයෙක් මරුට

Published:

මාතර බන්ධනාගාරයේ පැතිර යන උණ රෝගයක් හේතුවෙන් අසාධ්‍යව රෝහල්ගත කර සිටි රැඳවූවකු මියගොස් ඇතැයි  බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණී බී. දිසානායක පවසයි.

මාතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම රෝගියා ඊයේ (22) මියගොස් ඇත. මියගිය මෙම පුද්ගලයා මිනීමැරීමේ සිද්ධියක සැකකරුවකු ලෙස 2023 අගෝස්තු 30 වැනි දින රිමාන්ඩ්කර සිටි අයෙකි.

උණරෝගය වැළඳුණු තවත් සැකකරුවන් 08 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

මාතර බන්ධනාගාරයේ උණ රෝගය පැතිරීම හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශවලට අනුව බන්ධනාගාර කටයුතු සීමා  කිීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මාතර බන්ධනාගාරයට යොමුකරන රැඳවූවන් අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයට යැවීමට කටයුතු කර ඇත. රැඳවූවන් හමුවීමට අමුත්තන්ට අවස්ථාව ලබාදීම ද හැකිතාක් සීමාකර ඇති අතර සෞඛ්‍ය නිර්දේශවලට අනුව ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කර තිබේ.

Related articles

Recent articles

spot_img