-1.6 C
New York

විකුණන්න යන ගුවන් සමාගමට, ජනතා මුදලින් නව යානා තුනක් එකතු කරයි

Published:

විශාල වශයෙන් පාඩු ලැබීම හේතුවෙන් ප්‍රතිව්‍යුහගත කළ යුතු ආයතනයක් ලෙස රජය විසින් නම්කර ඇති ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම සඳහා නව එයාර් බස් 320 වර්ගයේ නව යානයක් ලීසිං පදනම යටතේ ලබාගෙන තිබේ.

එම යාන මැලේසියාවේ සිට ඊයේ (21) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගෙනවිත් ඇත.

මෙම යානයේ පළමු ගුවන් ගමන ලබන 29 වැනි දා මාලදිවයින වෙත සිදුකිරීමට නියමිතය.

එම යානයත් සමඟ ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම සතු යානා සංඛ්‍යාව 22ක් බවට පත්ව ඇත. ලබන ජනවාරි මාසයේ දී එයාර් බස් ඒ-330 වර්ගයේ යානායක් සහ මාරුත් මාසයේ දී තවත් යානයක් වශයෙන් ලීසිං පදනම යටතේ ලබාගැනීමට ද ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම සැළසුම් කර තිබේ.  

දැනට භාවිතයට නොගන්නා ගුවන් යානා 02ක් සඳහා එංජින් දෙකක් ද ලීසිං පදනම මත ලබා ගැනීමට තීරණය කර ඇත.

Related articles

Recent articles

spot_img