-2.5 C
New York

පාසල් විද්‍යාගාරයේ දී, සිසුවියන්ට අතවර කළ ගුරුවරයෙක් අත්අඩංගුවට

Published:

පාසලේ විද්‍යාගාරය තුළ දී සිසුවියන් 03 දෙනකුට ලිංගික අතවර කළා යැයි සැකපිට අත්අඩංගුවට ගත් විද්‍යා ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, වලපනේ අධ්‍යාපන කලාපයට අයත් පාසලක ගුරුවරයෙකි.

ඔහු තමන් භාරයේ ඇති 09 වැනි ශ්‍රේණියේ සිසුවියක රවටා ඇය සමඟ ප්‍රේමසම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇයගේ මාර්ගයෙන් අනෙක් සිසුවියන් දෙදෙනා ද සම්බන්ධ කරගෙන ඇතැයි පොලිසිය පවසයි.

සැකකාර ගුරුවරයා විසින් එක් සිසුවියකගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මගින් ඉල්ලා බලහත්කාරකම් කර ඇතැයි ද මූලික විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

මෙම සැකකරුගේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිසුවියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර තිබේ.

Related articles

Recent articles

spot_img