spot_img
spot_imgspot_img

වරදකරුවකු වූ කරුණෑගල නගරාධිපතිගේ නඩුවට නගර සභා ගිණුමෙන් කෝටියක් ගෙවලා

පුවත්

විදෙස්

කුරුණෑගල බුවනකබා රාජ සභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් වරදකරු වී බන්ධනාගාරගත ව සිටින පිරිස වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥයන්ට ගාස්තු වශයෙන් මහ නගර සභා ගිණුමෙන් වැයකර ඇති රුපියල් කෝටියකට ආසන්න මුදල ආපසු අයකරගැනීමට කුරුණෑගල මහ නගර සභාව තීරණය කර ඇත.

බන්ධනාගාරයේ සිටින හිටපු නගරාධිපති තුෂාර සංජීව විතරණ ඇතුළු පස් දෙනා වෙත එම මුදල අයකරගැනීම සදහා අධිභාර යැවීමට කටයුතු කරන බව නගර සභාව පවසයි.

එම ගොඩනැගිල්ල කඩා ඉවත්කිරීම නගර සභාවේ පොදු කටයුත්තක් බව පවසමින්, නීතීඥ ගාස්තු ගෙවීමට නගර සභාවේ අනුමැතිය ලබාගෙන තිබිණි. ඒ අනුව නඩුවට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු කිහිප දෙනකුට නගර සභා පොදු ගිණුමෙන් මුදල් ගෙවා තිබිණි. නඩුව පරාජයට පත්ව විත්තිකරුවන් වැරදිකරුවන් වීම හේතුවෙන් ඔවුන් වෙනුවෙන් වැය කළ මුදල නැවත ප්‍රතිපූරණය කර ගැනීමට සිදුවන බව ද නගර සභාවේ නිලධාරීන් පවසයි.

බන්ධනාගාරගතව සිටින පිරිස විසින් මෙම මුදල ආපසු නොගෙවන්නේ නම් එලෙස නගර සභා පොදු ගිණුමෙන් මුදල් ගෙවිය යුතුයැයි ගෙන එන ලද යෝජනාව අනුමත කළ සියලු නාගරික මන්ත්‍රීවරුන්ගෙන් අදාළ මුද අයකරගැනීමට සිදුවනු ඇතැයි ද කුරුණෑගල නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වන ගාමිණී පෙරමුණගේ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!