8.6 C
New York

කතරගම ‘චූටි කපුවා’ ඇප මත මුදාහරී

Published:

කතරගම දේවාලයට පූජා කළ රත්තරන් පවුම් 38ක් බරැති රන් තැටියක් අතුරුදන්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කපුවන් දෙදෙනා අතරින් එක් කපුවකු අද (19) තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු ද සිල්වා විසින් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලදී.

සෑම ඉරිදා දිනක ම ඔහුට කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ද නියෝග කෙරිණි.

මෙලෙස ඇපමත මුදාහරින ලද්දේ කතරගම දේවාලයේ ගබඩා භාරකාර කපුව ලෙස කටයුතු කළ සමන් ප්‍රිියන්ත නොහොත් චූටි කපුරාළ නමැති අයයි.

සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකුගේ බිරිඳ විසින් ඔවුන්ගේ දරුවාගේ නම කොටන ලද රත්‍රං පවුම් 38ක රන් තැටියක් 2019 ජූලි මස 03 වැනි දින කතරගම දේවාලයට එම දරුවාගේ අතින් පූජා කර ඇති බව සඳහන් විය. එදින එම පූජාව කර ඇත්තේ දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී. රත්නායක විසිනි.

එම රන්තැටිය දේවාලයේ ගබඩාවේ තැන්පත් කර තිබිය දී අතුරුදන් වී ඇතැයි බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකරට දැනගන්නට ලැබී ඔහු මේ ගැන පොලිසියට පැමිණිලි කර ඇත.

සිද්ධියට අදාල කපුවන් දෙදෙනා ප්‍රදේශයෙන් පළා ගොස් සිටි අතර චූටි කපුරාල පොලිසියට භාරවීමෙන් පසු අද (19) අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ප්‍රධාන කපුවා වන සොමිපාල ටී.අරත්නායක මේ වනවිට පොලිසිය මඟහරිමින් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට කොළඹ කොට්ඨාසය විමර්ශන සිදුකරයි.

Related articles

Recent articles

spot_img