4.6 C
New York

ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට පැරණි බස් රථ මුහුදේ ගිල්වයි

Published:

මුහුදේ මතස්‍ය අභිජනන ස්ථාන සඳහා යොදා ගැනීමට දිරාපත්වෙමින් තිබූ පැරණි බස්රථ කිහිපයක් ත්‍රිකුණාමලය අවට මුහුදේ ස්ථාන කිහිපයක ගිල්වීම පසුගිය දා සිදුකෙරිණි.

මුහුදේ ගිලී ඇති නෞකා, මෙන්ම මුහුදු ජලය මත පාවෙන ඉවත දැමූූ දැල් ආම්පන්න, යාත්‍රා කොටස් හා ගස් කොටං මෙන්ම සමහ වශයෙන් ඇති අපද්‍රව්‍ය මාළු ඇතුළු මුහුදු ජීවීන් තම අභිජනන ස්ථාන ලෙස භාවිතා කරයි. ඒවායේ විශාල වශයෙන් මුහුදු ජීවීන් වාසය කරන අතර ඔවුන් බෝවීම සිදුකරයි.

මේ නිසාම ලෝකයේ බොහෝ රටවල් ධීවර කර්මාන්තයේ වර්ධනය සඳහා එවැනි ආගන්තුක වස්තූන් මුහුදු පත්ලේ ගිල්වා මසුන් බෝවන ස්ථාන සකසා ධීවරයන්ට වඩාත් පහසුවෙන් මසුන් අල්ලාගැනීමට ඉඩ සළස්වා ඇත. ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ද විදෙස් රවටලින් එලෙස සැකසූ මත්ස්‍ය අභිජනන ස්ථාාන රැසක් ඇති බව ධීවරයෝ කියති.

මේ අනුව මත්ස්‍ය අභිජනන ස්ථාන සැකසීම සඳහා ඩිපෝවල දිරාපත්වෙමින් ඇති බස්රථ කිහිපයක් ලබාදෙන ලෙස ධීවර අමාත්‍යාංශය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඉල්ලලා තිබිණි. එම ඉල්ලීමට අනුව පසුගිය දා ගමනා ගමන මණ්ඩලය වෙතින් ලබාදුන් පැරණි බස්රථ කිහිපයක් ධීවර අමාත්‍යාංශය, වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ත්‍රිකුණාමලය ගැඹුරු මුහුදට ගෙන ගොස් ස්ථාන කිහිපයක දී ගල්වා දමන ලදී,

මෙම ස්ථාන ඉදිරියේ දී ධීවරයන්ට මසුන් අල්ලාගැනීම සඳහා විශාල වශයෙන් ප්‍රයෝජනවත් වන බව ධීවර අමාත්‍යාංශය කියයි.

Related articles

Recent articles

spot_img