spot_img
spot_imgspot_img

බාලවයස්කාරියක් සහ විශ්වවිද්‍යාල සිසුවියන් යොදා අසභ්‍ය චිත්‍රපට හැදූ පාසල් සිසුන් දෙදෙනකටු සිදු වූ දේ

පුවත්

විදෙස්

බාලවයස්කාර පාසල් සිසුවියක් සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුවියන් කිහිප දෙනකු යොදාගනිමින් ලිංගික දර්ශන රැගත් වීඩියෝ රූගත කර අන්තර්ජාලයට එක්කළ පාසල් සිසුන් දෙදෙනකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 01 වැනි දා දක්වා රිමාන්ඩ් කර ඇත.

බාලවයස්කාර සිසුවිය අපයෝජනය කිරීම සඳහා යොදාගත් බවට අනාවරණය වූ මහනුවර ලැඟුම් හළේ හිමිකරු සහ කළමනාකරු පොලිසිය විසින් අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කර මේ මස 22 වැන දින දක්වා රිමාන්ඩ් කර තිබේ.

15 හැවිරිදි පාසල් සිසුවිය සහ ඇගේ මව විසින් මහනුවර මූලස්ථාන පොලිිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද මූලික විමර්ශනයකින් පසු එම සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පාසල් සිසුන් දෙදෙනාගෙන් එක් අයකු 15 හැවිරිදි පාසල් සිසුවිය සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන ඇය, ඇයගේ නිවස තුළ දී ම අවස්ථා කිහිපයක් ලිංගික අප‍යෝජනයට ලක්කර ඇති බවත් පසුව දෙදෙනා අතර සම්බන්ධය නවතා දමා ඇති බත් පොලිසිය පවසයි.

එම සම්බන්ධය නවතා දැමීමෙන් පසු අනෙක් සිසුවා එම සිසුවිය සමඟ සම්බන්ධ වී ඇය ලැගුම්හළකට රැගෙන ගොස් කිසියම් දෙයක් පානය කිරීමට ලබා දී ඇගේ නිරුවත් දර්ශන රැගෙන අනතුරුව අවස්ථා ගණනාවක් ඇයට තර්ජනය කරමින් ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි ද‍ අනාවරණ්‍ය වී තිබේ.

එම සැකකාර සිසුවා විසින් ලබාගත් දර්ශන අන්තර්ජාලයට ද මුදාහැර තිබේ. පොලිසිය පවසන්නේ මේ කාර්යය සැකකාර සිසුන් දෙදෙනා එක්ව සිදුකර ඇති බවයි.

සිසුන්ගේ ජංගම දුරකථනවල තිබී විශ්වවිද්‍යාල සිසුවියන් ඇතුළු තරුණියන් කිහිප දෙනකු ම ලිංගික කාර්යයන් සඳහා යොදාගන්නා දර්ශන හමුවූ බව ද පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!