-0.3 C
New York

උතුරු කොරියාව බලවත් දිගු දුර මිසයිලයක් එල්ල කරයි

Published:

උතුරු කොරියාව දියුණු දිගුදුර මිසයිලයක් ජපානයේ හොකයිඩෝ ප්‍රදේශයට එල්ලකර ඇති බව දකුණු කොරියානු බලධාරිහු පවසති. ඔවුන් චෝදනා කරන්නේ එක්සත් ජාතීන් විසින් පනවා ඇති සීමාවන් මෙහිදී උල්ලංඝනය කර ඇති බවයි.

දකුණු කොරියානු සහ ජපාන නිලධාරීන් පැවසුවේ මිසයිලය කිලෝමීටර් 1000ක් (සැතපුම් 621ක්) ආවරණය කරමින් විනාඩි 73ක කාලයක් ගමන් කළ බවයි.

මෙම දියත් කිරීම මෙම වසරේ උතුරු කොරියාව විසින් සිදුකරන ලද පස්වන සාර්ථක දියත් කිරීම වේ.

උතුරෙන් එල්ල වන න්‍යෂ්ටික ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ සැලසුම් යාවත්කාලීන කිරීම සඳහා පසුගිය සතියේ දකුණු කොරියානු සහ එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීහු හමුවූහ.

දකුණු කොරියාව, ජපානය සහ එක්සත් ජනපදය මෙම මිසයිල අත්හදා බැලීම හෙලා දකිමින් ක්ෂණික ප්‍රතිචාර දැක්වූ අතර, එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා කඩ කරන බවත් කොරියානු අර්ධද්වීපයේ ආරක්ෂාව අඩු වනු ඇති බවත් සඳහන් කළේය.

පසුගිය මාසයේ උතුරු කොරියාව විසින් ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සාර්ථකව කක්ෂගත කිරීමෙන් පසු උතුර සහ දකුන අතර ආතතීන් ඇවිලී ගියේය.

මේ අතර, උතුරු කොරියාව චීනය සහ රුසියාව සමඟ සබඳතා දැඩි කරගනිමින් සඳුදා(18) එහි නිලධාරීන් බීජිංහිදී චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හමුවිය.

https://www.bbc.com/news/world-asia-china-67745684

Related articles

Recent articles

spot_img