spot_img
spot_imgspot_img

දරුණු කොරෝනා ප්‍රභේදයක් ලොව පුරා පැතිරෙයි

පුවත්

විදෙස්

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් සහ එන්නත් ලබාදීමෙන් ඇති වූ ප්‍රතිශක්තිය මඟහරින නව කොරෝනා ප්‍රභේදයක් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් ම වාර්තා වී තිබේ.

JN.1 ලෙස නම්කර ඇති මේ නව ප්‍රභේදය  එය ප්‍රථම වරට 2023 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජනපදයෙන් අනාවරණ විය. ඉන් පසු දෙසැම්බර් 15 වැනි දින, චීනය විශේෂිත උප ප්‍රභේදයේ ආසාදන හතක් අනාවරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මෙම කොරෝනා ප්‍රභේදය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත විය හැකි බැවින් රෝගියා හඳුනාගත් 16 වැනි දා සිට ඉන්දියාවේ සෞඛ්‍ය බලධාරීන් ඒ ගැන දැඩි අවධානයක් යොමුකරමින් මහජන සෞඛ්‍ය ඒකක සහ රෝහල් පවා ඉදිරි වසංගත තත්වයක් සඳහා සූධානම් කිරීමට තීරණය කර තිබේ.

කොවිඩ් රෝගය පිළිබඳ මෙරට සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පවසන්නේ, විදේශ රටක පැතිර යන ඕනෑම නව රෝගයක් ශ්‍රී ලංකාවට තර්ජනයක් විය හැකි බැවින් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය ද ඒ පිළිබඳ දැඩි අවදානය ය‍ොමුකර ඇති බවයි.

උණ, නාසයෙන් සොටු දියර ගැලීම, උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ ඇතිවුවහොත් මුහුණු ආවරණ පළඳින ලෙසත් ඉක්මනින් පරීක්ෂණවලට යොමුවන ලෙසත් වෛද්‍ය අම්දානි ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.

කොවිඩ් 19 JN.1 ප්‍රභේදය ඔමික්‍රෝන් (Omicron) BA.2.86 උප ප්‍රභේදය හෝ Pirola ලෙස සැළකේ.

JN.1 ප්‍රභේදය වේගයෙන් පැතිරීමට සහ ප්‍රතිශක්තිකරණය මගහැරීමට සමත්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. JN.1 යනු මෙම වෛරසයේ අනෙකුත් සියලුම පූර්ව උප ප්‍රභේදවලට වඩා සැළකිව යුතු ලෙස වෙනස් වන, දැඩි ලෙස ප්‍රතිශක්තිය මගහරින සහ වේගයෙන් පැතිරෙන ප්‍රභේදයක් බව විශේෂඥයන් පෙන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!