ජනතාව ආරක්ෂා කරගැනීමේ අභිලාෂයෙන් තමන් සමගි ජන බලවේගය සමඟ එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමඤ් මහා නිකායේ අනුනායක කැප්පටියාගොඩ සිරිවිමල හිමියන් හමුවූ අවස්ථාවේ දී ය
ඉතාමත් භයාන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව, ජනාත ආරක්ෂා කරගැනීම සඳහා තමන් මේ තීරණය ගත් බව ද ඔහු කීවේය. රජය යැපෙන්න යන්නෙ ජනතාවගේ බදු මුදලින් බවත් අධික බදු හේතුවෙන් ජනතාවට ජීවත්වීම පවා ගැටලුවක් වී ඇති බවත් ඔහු පවසයි.
“නැති බැරි මිනිස්සුන්ගෙන් පුළුවන් තරම බදු එකතු කරනවා. ඒත් ධන කුවේරයන්ට අත තියලා නෑ. සියලු මැති ඇමතිවරු ජනාධිපතිවරයාගේ ඉත්තන් බවට පත්වෙලා. සියල්ල පාලනය කරන්නේ ජනාධිපතිවරයා. ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් වූ ජනාධිපතිවරයකුටවත් මේ තරම් බලයක් තිබුණේ නෑ” ජී.එල්.පීරිස් වැඩිදුරටත් සඳහන් කළේය.



