spot_img
spot_imgspot_img

පාසල් සිසුන්ට, අලුත් විෂයයක් එයි

පුවත්

විදෙස්

මූලික නීතිය 2025 වර්ෂයේ සිට පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කොළඹ පැවැති වැඩසටහනක දී මේ බව ප්‍රකාශ කළේය.

මූලික නීති සිද්ධාන්ත මෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ද පාසල් සිසුන්ට ඉගැන්වීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා කීවේය.

“සුළු වරදකට වුණත් සති දෙකක් බන්ධනාගාරගත කරනවා. සමහර අධිකරණ මේ පිළිබඳව ගැඹුරින් කල්පනා කරලා ඇප දෙනවා. හැබැයි මේකට නිසි ප්‍රමිතියක් තාම හැදිලා නැහැ. සුළු වරදක් වුණාම එක පාරටම හිර ගෙදරට දාපුවාම සමහරවිට අහිංසකයෙක් වෙන්න පුළුවන්, ඒ අහිංසකයා මාසයක් දෙකක් හිර ගෙදර ගත කරන්නේ මහ දරුණු අපරාධකාරයොත් එක්ක. ඔහුගේ මනස සැකසෙනවා ලොකු  වීර චරිතයක් වෙන්න ඕන නම් අපරාධ කරන්න ඕන කියලා.” යැයි ද අමාත්‍යවරයා කීවේය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!