-2.5 C
New York

බීම බෝතලයක් දී දරුවකු රැවටූ ‘සුදු මාමා’ රඳවාගෙන ප්‍රශ්න කරයි

Published:

බාලවයස්කාර පාසල් සිසුවකු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිකර ලිංගික අතවර කිරීමේ සිද්ධියක් මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ 11 හැවිරදි වියේ පසුවන පාසල් සිසුවෙකි.

ඔහු පාසල ඇරී නිවසට පැමිණෙන අවස්ථාවේ දී “සුදු මාමා” නමින් හඳුන්වන පුද්ගලයකු බීම බෝතලයක් ලබාදෙන බවත් මෙය සැකකටයුතු බවටත් මව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයක දී මේ බව අනාවරණය වී තිබේ.

මෙම සිසුවා තම පන්තිභබාර ගුරුතුමියගේ  බෑගයෙන් මුදල් සොරකම් කිරීමේ සිද්ධියකට ද හසු වී තිබිණි.

පොලිසිය කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ “සුදු මාමා” යනුවෙන් හඳුන්වන පුද්ගලයා දරුවාගේ මවගේ නැගණිය කලින් විවාහ වී සිටි පුද්ගලයා බවයි. ඔහු එම පවුලෙන් පළි ගැනීමේ චේතනාවෙන් මෙලෙස කර ඇති බව ද පොලිසිය පවසයි.

ඔහු මෙම දරුවා සමඟ මිතුරු වී පාසලේ සිට නිවසට යන දරුවාට බීම බෝතලයක් සමඟ කිසියම් මත්ද්‍රව්‍ය අඩංගු පෙත්තක් ලබා දී ඇත. ඉන් පසු එම දරුවා රැගෙන ගොස් තවත් පුද්ගලයන් කිහිප දෙනකු සමඟ එක්ව කාලයක සිටි එම පිරිමි දරුවාට ලිංගික අතවර කර ඇතැයි ද පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

පොලිසිය විසින් සුදු මාමා නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහු මේ දරුවාට අයිස් මත්ද්‍රව්‍ය ලබාදුන් බව ද පිළිගෙන තිබේ.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය දින 07ක රැඳවුම් නියෝගයක් ලබාගෙන ඇති අතර අතවරයට ලක් වූ දරුවා රෝහල්ගත කර ඇත.

Related articles

Recent articles

spot_img